අද තවත් කොවිඩ් මරණ 37 ක් ; නව ආසාදිතයින් 1453 ක්

ඊයේ සිදු වූ බව කියන කොවිඩ් ආසාදිත මරණ 37 ක් අද දිනයේ වාර්තා කොට ඇත.
එම මරණ සමග මෙරටින් නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 3,611 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
නව කොවිඩ් ආසාදිතයින් 1.453ක් අලුතින් හඳුනාගත් බව ද , අද දිනයේ වාර්තා කොට ඇත.
ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 279,059 ක් ලෙස සටහන් වී තිබේ.
