රක්ෂණ සභාපති යන්න බෑ කියයි ! කැටගොඩ භාරගන්න බෑ කියයි !!

ජේෂ්ට කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත මහතාට රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇතත්, ඒ මහතා ඉල්ලා අස් නොවී දිගට ම සේවයේ යේ දී සිටින බව රක්ෂණ සංස්ථ ආරංචි මාර්ග ප්‍රකාශ කරන අතර සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉවත්වීමට ඒ මහතා අකමැත්ත ප්‍රකාශ කොට ඇති බව කියති.

මේ අතර ජයන්ත කැටගොඩ මහතා ප්‍රකාශ කොට ඇත්තේ රක්ෂණ සංස්ථාවේ සභාපති වැනි වැදගත් තනතුරකට තමාගේ නම යෝජනා වීම ගැන සතුටු වන නමුත් තම එම තනතුර භාර නොගන්න බව යි. කෙනීක් ඕනෑ ම තනතුරක් භාරගත යුත්තේ තමන්ගේ තරම දැනගෙන යයි ද කැටගොඩ මහතා ප්‍රකාශ කොට ඇත.

ජගත් වැල්ලවත්ත මහතා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් කිරීමට තීරණය කොට ඇති බව පසුගිය දා වාර්තා වී ය.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු යෑම සඳහා ඉල්ලා අස් වූ ජයන්ත කැටගොඩ මහතාට ඉහල තනතුරක් ලබා දීමේ සැලසුමක කොටසක් ලෙස මෙය ක්‍රියාත්මක වන බව ද ඒ සමග ම වාර්තා වී ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *