අදත් කොවිඩ් ආසාදිත ගණන 800 පනී ; සමස්තය 65,000 කට ආසන්නයේ

අදත් කොවිඩ් ආසාදිත ගණන 800 පනී ; සමස්තය 65,000 කට ආසන්නයේ

පසුදිය දින ගනනවක් තිස්සේ වාර්තා වූ ආකාරයට අද දිනයේ ද කොවිඩ් අසාදිතයින් 800 ක් ඉක්මවා වාර්තා වී ඇත. අද වාර්තා වූ සංඛ්‍යාව 816 කි. මෙරටින් හමුවූ සමස්ත අසාදිත සංඛ්‍යාව 64,819 කි. වර්තමාන කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 60,990ක් ලෙස සටහන් වෙයි.

නැගෙනහිර 49% වෙනුවට බටහිර පර්යන්තයේ 85% ඉන්දියාවේ අදානි සමාගමට

නැගෙනහිර 49% වෙනුවට බටහිර පර්යන්තයේ 85% ඉන්දියාවේ අදානි සමාගමට

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 49% කොටස් දීම වෙනුවට බටහිර පර්යන්තයේ සියයට 85 ක කොටස් ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමට අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය වී ඇත. ඒ අනුව නැගෙනහිර පර්යන්තය සංවර්ධනය වරාය අධිකාරියට පැවරෙයි. බටහිර පර්යන්තයේ කොටස් හිමිකමෙන් සියයට 85 ක් අදානි සමාගමටත් සියයට 15ක් වරාය අඩිකරියටත් හිමිවෙයි.

ගිවිසුමට අනුව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු‍ වෙනවා – ඉන්දීය මහ කොමසාරිස්

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් 2019 වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාව – ඉන්දියාව – ජපානය අතර අත්සන් කළ ත්‍රෛපාර්ශ්වික එකඟතාවයට අනුව කටයුතු කරනු ඇතැයි බලාපෙරොත්තු වන බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. නැගෙනහිර ජැටිය සම්පූර්ණයෙන්ම වරාය අධිකාරය යටතේ පාලනය වන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය මහ කොමසාරිස්…

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයක් ; සුකී සහ නායකයින් අත් අඩංගුවේ

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයක් ; සුකී සහ නායකයින් අත් අඩංගුවේ

මියන්මාරයේ අද උදේ සිදු වූ කුමන්ත්‍රණයකින් හමුදාව බලය අල්ලාගෙන ඇති බව වාර්තා වෙයි. අගමැති අවුන් සාන් සුකී සහ ඇගේ පක්ෂයේ ජෙෂ්ට නායකයින් හමුදාවේ අත් අඩංගුවට ගෙන ඇත. මියන්මාරය දිගු කලක් හමුදා පාලනයක් පැවති රාජ්‍යයකි . එහි ප්‍රජාතන්ත්‍රවාදී  ව්‍යාපාරය බලයට පත්වුයේ දිගු අරගලයකින් පසුව ය. කෙසේ වෙතත් , දේශපාලනය තුළ හමුදාවේ බලපෑම දිගට ම පැවති බව…

වත්මන් කොවිඩ් රැල්ල හැට දහස පනී

වත්මන් කොවිඩ් රැල්ල හැට දහස පනී

මිනුවන්ගොඩින් පසුගිය ඔක්තෝබරයේ ආරම්භ වූ කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව අද හැට දහස ඉක්මවා ගියේ ය. අද එය සටහන් වුයේ 60,174 ක් වශයෙනි ඒ අද දිනයේ එකතු වූ ආසාදිතයින් 827 දෙනා ද සමග ය. මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 64,003 ක් ලෙස ගණන් බලා තිබේ.

තවත් කොවිඩ් මරණ තුනක්

කොවිඩ් ආසාදනයෙන් සිදු වූ මරණ තුනක් අද දිනයේ ද වාර්තා වී ඇත. මෙම මරණ වාර්තා වන්නේ කොළඹ, කඩුවෙල සහ අඟුරුවාතොට ප්‍රදේශවලිනි. මෙරටින් වාර්තාවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 316කි .

ජනාධිපති පරදවන්න විමල්ගෙන් පෙරමුණක්

ජනාධිපති පරදවන්න විමල්ගෙන් පෙරමුණක්

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමගම සහ එක්ව සංවර්ධනය කිරීමේ ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ගෙන ඇති තීරණය පරාජය කිරීම සඳහා ඒකාබද්ධ වැඩ පිළිවෙළක් සකස් කර ගැනීමේ මුලික සාකච්ඡාවක් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ දී පැවතී බව වාර්තා වෙයි. ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් විමල් වීරවංශ මහතා කැඳවා තිබු සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ආණ්ඩුවට…

අද (30 ) හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 848 ක් ; සමස්තය 63,176 යි

අද (30 ) හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 848 ක් ; සමස්තය 63,176 යි

අද දිනයේ අලුතින් හඳුනාගත් කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 848 ක් බව රජය නිවේදනය කරයි . ඒ අනුව මෙරටින් සොයාගත් සමස්ත ආසාදිත සංඛ්‍යාව 63,176 ක් ලෙස සටහන් වෙයි. වත්මන් රැල්ලේ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 59,337 ක් දක්වා අද ඉහළ ගියේ ය.

විරෝධතා තහනම් ! වරාය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කෙරෙයි.

විරෝධතා තහනම් ! වරාය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කෙරෙයි.

වරායේ සියලු කටයුතු අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කොට අති විශේෂ ගැසට් නිවේදනයක් අද නිකුත් කළ බව වාර්තා වෙයි. වරායේ කටයුතුවලට බාදාවන සියලු ක්‍රියා මේ අනුව තහනම් වෙයි. මෙම ගැසට් නිවේදනය නිකුත් කොට ඇත්තේ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනයට එරෙහිව එහි සේවකයන් අකුරට වැඩකිරීමේ ව්‍යාපාරයක යෙදෙමින් සිටිය දී ය.

තවත් කොවිඩ් මරණ අටක් ;එකතුව 313 ට නගී

කොවිඩ් ආසාදනය නිසා සිදුවූ මරණ අටක් අද දිනයේ ද වාර්තා වී ඇත . ඒ අනුව මෙරට සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 313 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉටු නොවූ යුක්තියක් වෙනුවෙන් හඩ නගන කළු ජනවාරිය! -නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

  ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදු කළ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා බලපෑම් කරන කළු ජනවාරිය සමරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම බලපෑම පරපුරෙන් පරපුරට ගෙන යා යුතු කටයුත්තක් බවට පත් වී ඇති බව ප්‍රකාශ කරයි. යුක්තිය ඉටු කරන බවට පොරොන්දු දී බලයට පත් රජයක් ද බැස ගොස් ඇත්තේ කිසිදු යුක්තියක් ඉටු නොකරය. ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු…

ඊයෙත් (29) ආසාදිතයෝ 855 ක් හඳුනගැනෙති ; සමස්තය 62,328 යි

ඊයෙත් (29) ආසාදිතයෝ 855 ක් හඳුනගැනෙති ; සමස්තය 62,328 යි

කොවිඩ් 19 ආසාදිතයින් 855ක් ඊයෙත් වාර්තා වූ බව රජය නිවේදනය කරයි. ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත කොවිඩ්  ආසාදිත සංඛ්‍යාව 62,328 ඉක්මවා ඉහළ ගොස් ඇත. වත්මන් රැල්ලේ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 58,489ක් ලෙස වාර්තා වෙයි. මේ සතිය තුළ දින හතරක් දිනක ආසාදිත සංඛ්‍යාව 800 ඉක්මවා වාර්තා වීය.