
වරායේ සියලු කටයුතු අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කොට අති විශේෂ ගැසට් නිවේදනයක් අද නිකුත් කළ බව වාර්තා වෙයි.
වරායේ කටයුතුවලට බාදාවන සියලු ක්‍රියා මේ අනුව තහනම් වෙයි.
මෙම ගැසට් නිවේදනය නිකුත් කොට ඇත්තේ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනයට එරෙහිව එහි සේවකයන් අකුරට වැඩකිරීමේ ව්‍යාපාරයක යෙදෙමින් සිටිය දී ය.