ජනාධිපති පරදවන්න විමල්ගෙන් පෙරමුණක්

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමගම සහ එක්ව සංවර්ධනය කිරීමේ ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ගෙන ඇති තීරණය පරාජය කිරීම සඳහා ඒකාබද්ධ වැඩ පිළිවෙළක් සකස් කර ගැනීමේ මුලික සාකච්ඡාවක් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ දී පැවතී බව වාර්තා වෙයි.

ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් විමල් වීරවංශ මහතා කැඳවා තිබු සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ආණ්ඩුවට සම්බන්ධ අනෙක් පක්ෂ එක්ව සිටි බව වාර්තා වෙයි.

එම සාකච්ඡාවට සහභාගේ වූවන් වන්නේ විමල් වීරවංශ – ජාතික නිදහස් පෙරමුණ , උදය ගම්මන්පිල – පිවිතුරු හෙළ උරුමය , අතුරලියේ රතන හිමි – අපේ ජනබල පක්ෂය, තිස්ස විතාරණ – ලංකා සමසමාජ පක්ෂය , පී වීරසිංහ – ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය , ගෙවිඳු කුමාරතුංග – යුතුකම සංවාද කේන්ද්‍රය ,අසංක නවරත්න – ශ්‍රී ලංකා මහජන පක්ෂය ,දයාසිරි ජයසේකර – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වාසුදේව නානායක්කාර – නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ යි.

වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාව සමග එක්ව සංවර්ධනය කිරීනේ ජනාධිපතිවරයාගේ තීරණය පරාජය කළ යුතු බවට එහි දී සියලු දෙන එකඟ වුව ද , පොදු වැඩ පිළිවෙලක් සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *