ඡන්ද ලක්ෂ හැත්තෑවක් හොයන හැටි රනිල් කියයි

එළඹෙන මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ඡන්ද ලක්ෂ හැත්තෑවක් ලබාගත යුතු අතර සියලු පාර්ශව ඒකරාශී කරගනිමින් එම ඉලක්කය කරා යෑමට කැපවී ක්‍රියාකළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරණයේදී පක්ෂයෙන් ඈත්වූ සිංහල බෞද්ධ, කතෝලික, මධ්‍යම පාන්තික ඡන්ද දායකයින් මෙන්ම එක්සත් ජාතික පක්ෂය හැරගිය අයගේ ඡන්ද නැවත පක්ෂය වෙත…

ආණ්ඩුවේ මානව හිමිකම් කඩකිරීම් සොයන්න ජිනීවා නුවර පොලීසියක් ; ඕනෑම රටක දී නඩු දමන්න ඉඩ

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හෝ වෙනත් ඕනෑම පාර්ශවයක් සිදු කළ හෝ සිදුකරන මානව හිමිකම් කඩකීරීම් ගැන පැමිණිලි ලබාගැනීමට,  සාක්ෂි රැස් කිරීමට සහ විමර්ශනය කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් යටතේ නිත්‍ය කාර්යාලයක් ඇරඹීමට ඊයේ සම්මත වූ ශ්‍රී ලංකාව සන්බන්ධ යෝජනාවෙන් තීරණය කොට ඇත. ශ්‍රී ලංකාවේ කුමන පාර්ශවයකින් හෝ සිදු කළ හෝ සිදුකරන මානව හිමිකම් කඩ කිරීම්…

ඊයේ අලුත් ආසාදිතයින් 251 ක් ; සමස්තය 90,765 ක්

ඊයේ හඳුනාගනු ලැබූ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 251 ක් ලෙස වාර්තා වෙයි. මෙරටින් හමුවූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ 90,765 ක් වශයෙනි. වත්මන් කොවිඩ් රැල්ලට අදාළ දිවුලපිටිය , පැලියගොඩ , බන්ධනාගාර පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 86,046 ක් ලෙස වාර්තා වී ඇත.

තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි ; දැන් එකතුව 552 යි

කොවිඩ් 19 ආසාදිත තවත් මරණයක් අද වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තාවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 552 ක් වෙයි. අද දිනය මරණය වාර්තා වී ඇත්තේ යාපනය ප්‍රදේශයෙනි

මංගල දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම අපේ ජයග්‍රහණය ලේසි කළා – දෙමළ ඩයස්පෝරාව

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය සඳහා, ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාව අද (23) වැඩි ඡන්දයෙන් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 22 ක් ලැබුණු අතර යෝජනාවට විපක්ෂව, ශ්‍රී ලංකාවට සහාය පළකළේ රටවල් 11 ක් පමණි. ඉන්දියාව, ජපානය ඇතුළු රටවල් 14 ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. මෙම යෝජනාව සම්මත වීමත් සමග මෙරට මානව…

මාධ්‍ය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය බරපතල අනතුරු ඇඟවීමක්! – මාධ්‍ය සංවිධාන එකතුව 

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වළපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, යෝඹුවැල්තැන්න ප්‍රදේශයේදී මාර්තු 20 වැනිදා පැවැති ගම සමඟ පිළිසඳර වැඩ සටහනට සහභාගී වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනමාධ්‍ය සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය අදහස් ප්‍රකාශ කිරීමේ සහ  මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් බරපතල අනතුරක සේයාවක් මතු කරන බව ප්‍රකාශ කරන මාධ්‍ය සංවිධාන එකතුව ඒ සම්බන්ධයෙන් සිය බලවත් කණස්සල්ල පළ කරයි. එහිදී…

ශ්‍රී ලංකා ආණ්ඩුවේ මානව හිමිකම් උල්ලංඝනයන් ගැන ජිනීවා යෝජනාව 22 ට 11 ක් ලෙස සම්මතයි

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව පක්ෂව ඡන්ද 22 ක් සහ විපක්ෂව ඡන්ද 11 ක් ලෙස සම්මත වී තිබේ. අසල්වැසි ඉන්දියාව සහ නේපාලය ඇතුළු රටවල් 14 ක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇත. මුලින් ශ්‍රී ලංකාවට සහය පල කළ මුස්ලිම් රටවල් වන බහරේනය සහ ඉන්දුනීසියාව ද ඡන්දය දීමෙන් වැළකී…

මානව හිමිකම් කොමිසමේ ඡන්ද විමසීම හෙට ; රජය ගෞරවය රැක ගැනීමේ සටනක

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාව ගැන ඉදිරිපත් කොට ඇති යෝජනාව ගැන හෙට පැවැත්වෙන ඡන්ද විමසීමේ දී , මෙම අවසන් අවස්ථාවේ රජය තමන්ගේ ගෞරවය බේරා ගැනීම සඳහා අවසන් උත්සාහයක් දරමින් සිටින බව වාර්තා වෙයි. මුලින් රජයට සහය පල කළ ඇතැම් රටවල් පවා ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන්ගේ ප්‍රකාශ සහ  මෑත දේශපාලන සිදුවීම් නිසා ඡන්දය නොදෙන තත්ත්වයට…

කොවිඩ් ආසාදිතයෝ 274 ක් අදත් හඳුනා ගැනෙති; සමස්තය 90,474 ක් වෙයි

කොවිඩ් 119 ආනාදිතයින් 274 ක් අද දිනයේ ද අලුතින් හඳුනාගත් බව රජය නිවේදනය කරයි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 90,474 ක් වශයෙන් සටහන් වෙයි වත්මන්කොවිඩ් රැල්ලේ අසාදිත සංඛ්‍යාව මේ වනවිට ගණන් බලා ඇත්තේ 85,904 ක් වශයෙනි.

අද තවත් කොවිඩ් මරණ පහක් ; එකතුව 551 ක් වෙයි

කොවිඩ් ආසාදනයෙන් තවත් මරණ පහක් සිදු වී ඇති බව රජය අද නිවේදනය කළේ  ය. ඒ අනුව මෙඅරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 551 ක් වී ඇත. අද මරණ වාර්තා වී ඇත්තේ වෑ උඩ , නුගතලාව ,කඩවත, බණ්ඩාරගම සහ ගාල්ල යන ප්‍රදේශවලිනි.

තවත් කොවිඩ් මරණයක් ; එකතුව 546 යි

කොවිඩ් 19 ආසාදනය නිසා සිදු වූ තවත් මරණයක් අද දිනයේ වාර්තා වී ඇත. මේ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 546 ක් වෙයි . අද මරණය වාර්තා වන්නේ මැදිරිගිරිය ප්‍රදේශයෙනි.

තවත් ආසාදිතයින් 342 ක් ; සමස්තය 90,200 ක් වෙයි

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 342 ක් හමු වූ බව රජය නිවේදනය කරයි. අද පළ වූ වාර්තාවල සඳහන් වන්නේ මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 90,200 ක් බව යි. වත්මන් කොවිඩ් රැල්ලේ අසාදිත සංඛ්‍යාව 85,630 ක් ලෙස සටහන් වෙයි.