ශ්‍රී ලංකා ආණ්ඩුවේ මානව හිමිකම් උල්ලංඝනයන් ගැන ජිනීවා යෝජනාව 22 ට 11 ක් ලෙස සම්මතයි

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව පක්ෂව ඡන්ද 22 ක් සහ විපක්ෂව ඡන්ද 11 ක් ලෙස සම්මත වී තිබේ.

අසල්වැසි ඉන්දියාව සහ නේපාලය ඇතුළු රටවල් 14 ක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.

මුලින් ශ්‍රී ලංකාවට සහය පල කළ මුස්ලිම් රටවල් වන බහරේනය සහ ඉන්දුනීසියාව ද ඡන්දය දීමෙන් වැළකී සිට ඇත. පසුගිය දිනවල ආණ්ඩුවේ මැති ඇමැතින් කළ කී දේ එයට හේතු වී තිබේ.

බහරේනය ඡන්දය දීමට පොළඹවා ගැනීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැරූ උත්සාහය ද සාර්ථක වී නැත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *