ආණ්ඩුවේ මානව හිමිකම් කඩකිරීම් සොයන්න ජිනීවා නුවර පොලීසියක් ; ඕනෑම රටක දී නඩු දමන්න ඉඩ

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හෝ වෙනත් ඕනෑම පාර්ශවයක් සිදු කළ හෝ සිදුකරන මානව හිමිකම් කඩකීරීම් ගැන පැමිණිලි ලබාගැනීමට, සාක්ෂි රැස් කිරීමට සහ විමර්ශනය කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් යටතේ නිත්‍ය කාර්යාලයක් ඇරඹීමට ඊයේ සම්මත වූ ශ්‍රී ලංකාව සන්බන්ධ යෝජනාවෙන් තීරණය කොට ඇත.
ශ්‍රී ලංකාවේ කුමන පාර්ශවයකින් හෝ සිදු කළ හෝ සිදුකරන මානව හිමිකම් කඩ කිරීම් ගැන සාක්ෂි රැස් කොට නීතිමය කටයුතු සඳහා යොමු කිරීම මෙම කාර්යාලය මගින් සිදුවනු ඇත.
එමෙන් ම මානව හිමිකම් කඩ කරන්නන් සම්බන්ධයෙන් ලෝකයේ ඕනෑ ම රටක දී අත් අඩංගුවට ගැනීමට සහ නඩු පැවරීමට ද යෝජනාව මගින් ඉඩ සලසා තිබේ.
ජිනීවා නුවර ශ්‍රී ලංකාව ගැන විමර්ශනය කරන කාර්යාලය ආරම්භ කිරීමට යෝජනාව මගින් අනුමත කොට ඇති මුදල ඩොලර් මිලියන 2.8 කි.
එමෙන් ම , මාස හයකට වරක් ශ්‍රී ලංකාවේ තත්ත්වය පිලිබඳ විශේෂ වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලෙස ද, යෝජනාව මගින් මහ කොමසාරිස් වරියට නියමකොට තිබේ. මෙය මීට පෙර කිසිදු රටක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොකළ ක්‍රියා මාර්ගයක් බව කියති.
