හදවතට දිනන්න බැහැ සලකුණ අලියම තමයි – නවීන්

සන්ධානයට ලැබෙන ඡන්දවලින් 95%ක්ම එක්සත් ජාතික පක්ෂයේ වන හෙයින් පක්ෂය ආරක්ෂා කර ගැනීමේ අයිතියක් පවතින බව එජාප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා අවධාරණය කළේය. ඒ,අද (13) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.  එහෙයින් හොඳම ක්‍රමවේදය පක්ෂයේ ලාංජනයෙන් තරඟ කිරීම බව දිසානායක මහතා පැවසුවේය. හංසයා ලකුණ සම්බන්ධයෙන්ද ගැටළුවක් නොවන නමුත් වෙනත් සළකුණක් ජනතාව අතරට…

සජිත්ගේ පක්ෂයට එජාපයේ විරෝධය ගැන මැතිවරණ කොමිසමේ තීරණය ලබන සතියේ

සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම මිලට ගත් “අපේ ජාතික පක්ෂයේ ” නම ” සමගි ජාතික බලවේගය” ලෙස වෙනස් කිරීම නොපිළිගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කොට ඇති විරෝධය ගැන මැතිවරණ කොමිසම ලබන සතියේ රැස් වී තීරණයක් ගැනීමට නියමිත බව කොමිසමේ ආරංචිමාර්ග කියයි . සමගි ජාතික පෙරමුණ යන්න ඉංග්‍රීසියෙන් United National Power වන බව හා එහි…

සන්ධානයට ශ්‍රීලනිප සහ ජවිපෙත් එනවා නම් ලකුණ මාරු කරන්න පුළුවන්. නැත්නම් බෑ – රනිල්

නව සන්ධානය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණත් එකතු වන්නේ නම් අලියා ලකුණ වෙනුවට වෙනත් ලකුණක් යොදා ගැනීම ගැටළුවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.  ඊයේ රාත්‍රියේ පැවති රනිල් – සජිත් සාකච්ඡාවට පෙර තම හිතවතුන් පිරිසක් සමඟ මේ මාතෘකාව පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා මෙසේ සඳහන්…

නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටින බව ඇමති කියයි

දේශපාලඥයින්ගේ නියෝග නොතකා පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි ගම්පහ දිස්ත්‍රික් සහකාර වන සංරක්ෂක නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටින බවත් ඇය ආරක්ෂා කරන බවත් පරිසර හා වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේය. සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා මීගමුවේ කඩොලාන පරිසරයක් ක්‍රීඩා පිටියක් සඳහා ලබා ගැනීමට තැත් කරන්නට ඇත්තේ වන ආඥාපනත පිළිබඳව නොදැන…

නඩු නවත්වන්න මට බලයක් නෑ – නීතිපති

රහස් පොලිසිය, මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරන ලද විමර්ශන අගතිදායක අන්දමින් සිදුකොට ඇද්දැයි යන්න තහවුරු කරගන්නා තුරු එම නඩු කටයුතු තාවකාලිකව බහා තැබීමට තමාට බලයක් නැතැයි නීතිපති දප්පුල ද  ලිවේරා මහතා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ඊයේ (12) දැනුම් දුන්නේය. අධිකරණය හමුවේ පවතින නඩුවක් අත්හිටුවිය හැක්කේ ඉහළ අධිකරණයක නියෝගයකින්…

ඡන්දෙන් පස්සේ ඉන්ධන සීයට තිහකින් ජලබිල් සීයට විස්සකින් ඉහළට ! – වෘත්තීය සමිති

ඉදිරි මහමැතිවරණයෙන් පසුව ඉන්ධන මිල 30%කින් සහ ජල ගාස්තු 20%කින් ඉහළ දැමීමට රජය අනිවාර්යයෙන්ම කටයුතු කරනු ඇති බවට වෘත්තීය සමිති අනතුරු හඟවා සිටී.  සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ (12) රාජගිරියේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔවුහු මේ බව අවධාරණය කළහ.  “ලෝක වෙළඳපොලේ අසීමිතව බොරතෙල් මිල අඩුවෙලා තියෙන්නෙ. මිල සූත්‍රය තිබුණා නම් දැන් තියන මිලට…

අපි අලියට විරුද්ධ නෑ – සන්ධානයට අලියා දෙන්න – රංජිත් මද්දුම බණ්ඩාර

සජිත් පේ‍්‍රමදාස මහතා හෝ තමා හෝ කිසිවකු අලියා ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට කිසිදු විරුද්ධත්වයක් නොමැති බවත්, නව සන්ධානයට අලියා ලකුණ ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය. විපක්ෂනායක කාර්යාලයේදී ඊයේ (12දා) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම එසේ කියා සිටියේය. ‘‘අපේ නායකතුමා, මලික් සමරවික‍්‍රම මහතාටත්, කබීර් හෂීම් මහතාටත් ප‍්‍රකාශ කර…

තරුණයන් 11 ක් පැහැර ගැනීමේ නඩුවේ සැකකරුවන් නිදහස් කරන්න බෑ කියයි

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීමට අදාල නඩුවේ සැකකරුවන් ලෙස නම්කර සිටින හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විපේගුණරත්න හා ලක්සිරි අමරසිංහ යන දෙදෙනා නිදහස් කළ නොහැකි බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා දැනුම් දුන්නේය. ඒ අදාල අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදීය. මෙම සැකකරුවන් දෙදෙනාව නිදහස් කරන…

සජිත් පිලෙන් රනිල්ට කුණු බැනුම්

පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව පාරිලිමේන්තු මැතිවරණයක දී අලියා ලකුණින් මිස වෙනත් ලකුණකින් තරග කළ නොහැකි බව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කිරීමෙන් පසු පැවති සජිත් පාර්ශවයේ රැස්වීම්වල දී රනිල් වික්‍රමසිංහ මහතාට කුණු බැනුම් බනින බව අපේ ආරංචි මාර්ග කියයි . සමගි ජාතික බලවේගය ලෙස වෙන ම පක්ෂයක් හදාගෙන එජාපය දියකර හැරීමට…

ලකුණ අලියාමයි. මෙහෙයවන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්. නාමයෝජනා ඉල්ලුම්පත් එවන්න – අකිල

ඉදිරි මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග වැදිය යුතු බවට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇති බැවින් ඒ සඳහා නුදුරේදීම නාමයෝජනා කැඳවන බව එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.  “එක්සත් ජාතික පක්ෂය ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඉතා ඉක්මනින් ඉදිරියේදී නාමයෝජනා කැඳවීමට නියමිතව තිබෙනවා. මම ඉල්ලීමක් කරන්න කැමතියි. තරග වැදීමට කැමති…

අපේ ජාතික පෙරමුණේ සභාපති රනිල්

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සභාපතිධූරයට පත්ව තිබෙන බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි. අපේ ජාතික පෙරමුණ පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඉකුත් 2019 වසරේ සැප්තැම්බර් මස 23 වැනිදින රැස්වී නව නිලධාරී මණ්ඩලයක් තෝරාගෙන තිබෙන අතර එහි සභාපතිධූරයට රනිල් වික්‍රමසිංහ සහ ලේකම් ධූරයට රාජිත සේනාරත්න යන මහත්වරු පත්වී තිබේ….

සමගි ජාතික බලවේගය නොපිළිගන්නැයි එජාපයෙන් ඉල්ලීමක්: කෙටි යෙදුම UNP

සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරිම සඳහා කර ඇති ඉල්ලීම නොපිළිගන්නැයි එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානයක්කාර මහතා මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් අද (11) මෙම ඉල්ලීම කර තිබේ. ජාතික ජනබලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි…