තරුණයන් 11 ක් පැහැර ගැනීමේ නඩුවේ සැකකරුවන් නිදහස් කරන්න බෑ කියයි
තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීමට අදාල නඩුවේ සැකකරුවන් ලෙස නම්කර සිටින හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විපේගුණරත්න හා ලක්සිරි අමරසිංහ යන දෙදෙනා නිදහස් කළ නොහැකි බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා දැනුම් දුන්නේය. ඒ අදාල අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදීය.
මෙම සැකකරුවන් දෙදෙනාව නිදහස් කරන ලෙස පසුගිය නඩුවාරයේදී අධිකරණයෙන් ඉල්ලා තිබූ අතර ඒ පිළිබඳව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙම සැකකරුවන් දෙදෙනාට එල්ල වී ඇති චෝදනාව වන්නේ, අතුරුදන් කිරීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුවෙකු වන ලුතින්න කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් නමැත්තාට රැකවරණය සැපයීම, අධිකරණයෙන් බේරී සැඟව සිටීමට ආධාර අනුබල දීම සහ නීතිවිරෝධී ආකාරයෙන් රටින් පළායාමට ආධාර අනුබල දීම සම්බන්ධයෙනි.
සැකකරුවන් දෙදෙනාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් ඇති බැවින් එහි සත්‍ය අසත්‍යතාවය විමසා බැලිය හැක්කේ නඩු විභාගයකින් පසුව බවද මහේස්ත්‍රාත්වරයා කියා සිටියා.
මෙම නඩුව යළි අගොස්තු 29 වනදා කැඳවීමට නියමිතයි.
LANKANEWSWEB
