අපි අලියට විරුද්ධ නෑ – සන්ධානයට අලියා දෙන්න – රංජිත් මද්දුම බණ්ඩාර

p1 4

සජිත් පේ‍්‍රමදාස මහතා හෝ තමා හෝ කිසිවකු අලියා ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට කිසිදු විරුද්ධත්වයක් නොමැති බවත්, නව සන්ධානයට අලියා ලකුණ ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

විපක්ෂනායක කාර්යාලයේදී ඊයේ (12දා) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම එසේ කියා සිටියේය.

‘‘අපේ නායකතුමා, මලික් සමරවික‍්‍රම මහතාටත්, කබීර් හෂීම් මහතාටත් ප‍්‍රකාශ කර තිබුණා සුදුසු ලකුණක් සාකච්ඡුා කරලා ගැටලූව විසඳගන්න කියලා. එහෙම කියලා දැන් කියනවා අලියා ලකුණ අවශ්‍යයි කියලා. මීට කලින් අපි තීන්දු ගනිද්දී මේවා කව්රුත් කිව්වේ නෑ. දැැන් කියනවා අලියා ලකුණට අපි විරුද්ධ වෙනවා කියලා. අපි අලියාට විරුද්ධ නෑ.

සජිත් පේ‍්‍රමදාස මහතාගේ පියා, ආර්. පේ‍්‍රමදාස මහතාත් අලියාගෙන් මැතිවරණවලට ඉදිරිපත් වුණා. මගේ පියාත් අලියා ලකුණෙන් ඉදිරිපත් වුණා. ඒ නිසා අපි එක්සත් ජාතික පක්‍ෂයට හෝ අලියා ලකුණට විරුද්ධ නෑ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදීත් මම කිව්වා මේ ප‍්‍රශ්නය සමගිව විසඳගමු කිිිියලා. අපි පිහිටවපු සන්ධානයට අලියා ලකුණ දෙන්න කියා ඉල්ලූවා. එවිට මේ ප‍්‍රශ්නය සාමකාමීව විසඳෙනවා’’ යැයි රංජිත් මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා

දිවයින
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *