සජිත් පිලෙන් රනිල්ට කුණු බැනුම්


පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව පාරිලිමේන්තු මැතිවරණයක දී අලියා ලකුණින් මිස වෙනත් ලකුණකින් තරග කළ නොහැකි බව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කිරීමෙන් පසු පැවති සජිත් පාර්ශවයේ රැස්වීම්වල දී රනිල් වික්‍රමසිංහ මහතාට කුණු බැනුම් බනින බව අපේ ආරංචි මාර්ග කියයි .
සමගි ජාතික බලවේගය ලෙස වෙන ම පක්ෂයක් හදාගෙන එජාපය දියකර හැරීමට සජිත් පිල කර තිබු සැලසුම කල් යල් බලා අසාර්ථක කිරීම නිසා ඇතිවූ කෝපය මෙයට හේතු වන්නට ඇතැයි කියති .
දැන් නිර්මාණය වී ඇත්තේ සජිත් පිල වෙන ම හා එජාප ය වෙන ම තරග කරන තත්ත්වයකි . එජාපය අලියාගෙන් තරග කළහොත් සජිත් පිලට සටන අමාරු වන බව ඔවුන්ගේ ද අදහස වී ඇත . සිදුවනු ඇත්තේ රනිල් විරෝධී පිරිස එජාපයෙන් ඉවත්ව යාමයි .
රනිල් වාදීන් කියන්නේ සජිත් හදවත බදා ගනිද්දී රනිල් මොලෙන් ගේම දුන් බව යි . විපක්ෂ නායකකම , සන්ධානයේ නායකකම , ලේකම් තනතුර ආදී සියල්ල අනුමත කළේ තුරුම්බුව අතේ තියාගෙන බව ඔවුහු කියති .
මේ නිසා රනිල් මරණ බව සජිත් පිලේ එක් නායකයකු කී බවට ද වාර්තා පල වී තිබේ .
