සජිත්ගේ පක්ෂයට එජාපයේ විරෝධය ගැන මැතිවරණ කොමිසමේ තීරණය ලබන සතියේ

සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම මිලට ගත් “අපේ ජාතික පක්ෂයේ ” නම ” සමගි ජාතික බලවේගය” ලෙස වෙනස් කිරීම නොපිළිගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කොට ඇති විරෝධය ගැන මැතිවරණ කොමිසම ලබන සතියේ රැස් වී තීරණයක් ගැනීමට නියමිත බව කොමිසමේ ආරංචිමාර්ග කියයි .
සමගි ජාතික පෙරමුණ යන්න ඉංග්‍රීසියෙන් United National Power වන බව හා එහි කෙටි නාමය UNP වන බවත් කියමින් මෙය තම පක්ෂ අනන්‍යතාවය සොරකම් කිරීමක් ලෙස සලකමින් එජාපය මෙම විරෝධය ඉදිරිපත් කොට ඇත .
එජාපය දියකර නව පක්ෂයක් ගොඩනැගීමේ රහස් සැලසුමක් මේ සමග තිබු බව ඇතැම් දේශපාලන විචාරකයෝ කියති .
කෙසේ වෙතත් එජාපය අලියා ලකුණින් තරග කිරීමට තීරණය කිරීමත් සමග සජිත් පිලේ සැලසුම් අවුල් වී ඇති බව ද කියති .
