හදවතට දිනන්න බැහැ සලකුණ අලියම තමයි – නවීන්

සන්ධානයට ලැබෙන ඡන්දවලින් 95%ක්ම එක්සත් ජාතික පක්ෂයේ වන හෙයින් පක්ෂය ආරක්ෂා කර ගැනීමේ අයිතියක් පවතින බව එජාප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා අවධාරණය කළේය.

ඒ,අද (13) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය. 

එහෙයින් හොඳම ක්‍රමවේදය පක්ෂයේ ලාංජනයෙන් තරඟ කිරීම බව දිසානායක මහතා පැවසුවේය.

හංසයා ලකුණ සම්බන්ධයෙන්ද ගැටළුවක් නොවන නමුත් වෙනත් සළකුණක් ජනතාව අතරට ගෙන යාමට ප්‍රමාණවත් කාලයක් නොමැති හෙයින් ලැබෙන ඡන්ද හෝ නොලැබී යාමේ ප්‍රවණතාවක් පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ.

මේ අතර පක්ෂ නායකත්වය හදිසියේ වෙනස් විය නොහැකි බවත් පසුගිය දෙසැම්බරයේ තවත් වසර තුනක් සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය සියලුම දෙනා අනුමත කර තිබෙන බවද නවීන් දිසානායක මහතා කියා සිටියේය.

එසේ නොමැති නම් ගාමිණි දිසානායක මහතා මෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සෘජුව අභියෝග කිරීමේ හැකියාවක් පැවතිය යුතු බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK 

LANKANEWSWEB


Leave a Reply

Your email address will not be published. Required fields are marked *