ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ තීරණාත්මක හමුව හෙට

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කැඳවීම මත හෙට දිනයේ අරලිය ගහ මැදුරේ පැවැත්වීමට නියමිත ආණ්ඩු පක්ෂ නායක සාකච්ඡාව තීරණාත්මක එකක් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි. පෝට් සිටි සම්බන්ධයෙන් රජය ඉදිරපත් කොට ඇති පනත සම්බන්ධයෙන් මතු වී ඇති ගැටුම්කාරී තත්ත්වය, පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන මතභේද ඇතුළු ප්‍රශ්න රාශියක් හෙට දිනයේ සාකච්ඡා කෙරෙනු ඇතැයි කියති. ආණ්ඩුවේ…

මා ස්වදේශ කටයුතු ඇමති සමයේ ෆෝට් සිටි භුමිය ශ්‍රී ලංකාවේ නීතියට යටත් කොට පවරාගත්තා ; එය නැවත වෙනත් පාර්ශවයකට පැවරීම වැරදියි – ස්වදේශ කටයුතු හිටපු ඇමති, එජාප සභාපති වජිර අබේවර්ධන

තමන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ස්වදේශ කටයුතු ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී ෆෝට් සිටි භුමිය ශ්‍රී ලංකාවේ නීතියට යටත් ශ්‍රී ලංකා භුමියේ කොටසක් ලෙස ගැසට් කොට පවරාගත් බවත්, එයට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වූ බවත්, දැන් එය ශ්‍රී ලංකාවේ පවතින නීතිය වලංගු නොවන කලාපයක් ලෙස නව නීති ගෙන ඒම වැරදි බවත්, පසුගිය රජයේ ස්වදේශ කටයුතු…

ජනපතිගේ ඇමතුම ගැන ආනන්ද හිමි අගමැතිට සියල්ල කියයි, අගමැති වහාම කොළඹ එයි

තමන් වහන්සේට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දුන් දුරකථන ඇමතුම සම්බන්ධයෙන් අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ. එම ඇමතුමේදී සාකච්චා කර ඇති සියල්ල එලෙස ම අග්‍රාමාත්‍යවරයාට පැවසීමට මුරුත්තෙට්ටුවේ හිමියන් ඊයේ දිනයේ කටයුතු කර ඇත. ඒ වනවිට අග්‍රාමාත්‍යවරයා අලුත් අවුරුද්ද වෙනුවෙන් කොළඹින් බැහැරව ගොස් සිට තිබේ. කෙසේ වෙතත්,…

රනිල් සමඟ සබඳතා පවත්වන සජබ කට්ටිය ගැන හොයන්න සජිත්ගෙන් ඔත්තු සේවයක් !

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සබඳතා පවත්වන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ ගමන් බිමන් සහ හමුවීම් ගැන සොයා බලා වාර්තා කිරීමට සජබ නායක  සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ තමන්ට හිතවත් පිරිසක් යොදවා ඇති බව එම පක්ෂයේ තතුදත් ආරංචි මාර්ග කියයි. මෙම තත්ත්වයට ආසන්න හේතුව වී ඇත්තේ සමගි ජන බලවේගයේ ඇතැම් ප්‍රබලයින් එජාප නායකත්වය සමඟ කිට්ටු සුහද…

කියුබාවේ කස්ත්‍රෝ යුගය අවසන්, රාවුල් කස්ත්‍රෝ කියුබානු නායකත්වයෙන් ඉවත්වෙයි

කියුබාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස එරට දේශපාලනය මෙහෙය වූ රවුල් කස්ත්‍රෝ පක්ෂ නායකත්වයෙන් ඉවත්වීම ප්‍රකාශයට පත්කොට ඇත. කියුබානු විප්ලවයේ නියමුවා වූ ‍ෆිදෙල් කස්ත්‍රෝගෙන් පසුව එරටට නායකත්වය දුන්නේ ෆිදෙල්ගේ සොහොයුරු මෙන්ම විප්ලවයේ සගයකු ද වූ රාවුල් කස්ත්‍රෝටය. ඔහුගෙන් පසු ජනාධිපති ධුරය පැවරුණේ කියුබානු විප්ලවයේ දරුවකු වූ මිගෙල් ඩියස් කැනල් වෙතය. තවදුරටත් කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්…

විජේදාසගේ කෝල් එක ගැන මෙච්චර කතා කරන මාධ්‍ය ඇයි ජනපතිගේ නිහතමානීකම ගැන කතා නොකරන්නෙ ? – මහින්දානන්ද

විජේදාස රාජපක්ෂ මහතා සහ ජනාධිපතිවරයා අතර ඇතිවූ සිදුවීමට විශාල ඉඩක් දෙන මාධ්‍ය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිහතමානීකම ගැන කතා කිරීමට එතරම් ඉඩක් වෙන් නොකරන්නේ ඇයිදැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රශ්න කරයි. “විජේදාස රාජපක්ෂ මහත්තයා කවදාවත් ආණ්ඩු පක්ෂයේ රැස්වීමට එන්නෙ නෑ. එතුමාට අහන්න තිබුණා මේ පිළිබඳව. අහලා දැනගන්න තිබුණා. දැන් එතුමා 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය…

ණය උගුලෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාවට ආධාර කරන්න සුදානම් – ඇමෙරිකානු තානාපතිනි අලෙයිනා ටිප්ලිස්

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ණය ගෙවීමේ ප්‍රශ්නයේ දී එම ණය ගෙවීම සඳහාත් , රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමටත්, ආධාර ලබාදීමට ඇමෙරිකානු රජය සුදානම් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි අලෙයිනා ටිප්ලිස් මහත්මිය ප්‍රකාශ කරයි. “ ණය කළමනාකරණය කර ගැනීමටත්, අනාගතය සඳහා වඩාත්, තිරසාර සංවර්ධනයක් සඳහාත් ආධාර කිරීමට අපි සුදානම් “ යි ඇය ප්‍රකාශ කොට ඇත…

මුරුත්තෙට්ටුවේ හිමිටත් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාටත් ජනාධිපති බැන තර්ජනය කරලා !

වරාය නගරය සඳහා පරිපාලන කොමිසමක් පත් කිරීමට ඉදිරිපත් කොට ඇති පනත් කෙටුම්පතට එරෙහිව ඊයේ අභයාරාමයේ මාධ්‍ය හමුවක් පැවත් වූ විජේදාස රාජපක්ෂ මහතාට සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා දුරකතනයෙන් අමතා බැන වැදී තර්ජනය කොට ඇති බව වාර්තා වෙයි. ජනාධිපතිවරයා තමන්ට ඉතා පහත්  ආකාරයෙන් බැන වැදුණු බව විජේදාස රාජපක්ෂ මහතා අද දහවල් සිය නිවසේ…

රාජපක්ෂලා රටට සාපයක් බව දැන් මිනිස්සු කියනවා, රාජක්ෂලගේ පඹයින් ගිනි තියන්නේ හම්බන්තොට යි – ආණ්ඩු පක්ෂ මන්ත්‍රී විජයදාස රාජපක්ෂ

රාජපක්ෂලා රටට සාපයක් බව දැන් මිනිසුන් කියන්නට පටන්ගෙන ඇති බවත් , රාජපක්ෂලාගේ පඹයින් ගිනි තියන්නේ හම්බන්තොට දී බවත් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. “බලය ගත්තා නම් කර ගනිල්ලා ” කියමින් ආණ්ඩුවේ ඇමතිවරුන් ද නිකම් ඉන්න බවත්, ඔවුන්ට වැඩ කරන්නට බලයක් දී නැති බවත්, ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය. පසුගිය…

වරාය නගර කොමිසමට එරෙහිව පෙත්සම් 18 ක් ශ්‍රේෂ්ටාධිකරණයට – පෙත්සම් විභාගය සඳුදා

වරාය නගර පාලනය සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට වග නොකියන සහ රටේ ක්‍රියාත්මක පනත් 14 කින් නිදහස් වෙන ම කොමිසන් සභාවක් පිහිටුවීමට ඉදිරිපත් කොට ඇති පනත් කෙටුම් පතට එරෙහිව පෙත්සම් 18 ක් මේවනවිට ඉදිරිපත්ව ඇති බව වාර්තා වෙයි. මෙම පෙත්සම් විභාගය සඳහා අග විනිසුරුවරයා ප්‍රමුක පංච පුද්ගල විනුසුරු මඩුල්ලක් පත් කොට තිබේ. පෙත්සම් විභාගය සඳුදා (19)…

මන්ත්‍රී ධුරය භාරගන්න රනිල් යළිත් බෑ කියයි

පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගෙන පාර්ලිමේන්තුවට පැමිණීමට පක්ෂයෙන් කර ඇති ඉල්ලීම එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් නැවත වතාවක් පතික්ෂේප කොට ඇති බව වාර්තා වෙයි. එම අවස්ථාව තරුණයෙකුට ලබා දිය යුතු බව එජාප නායකයාගේ ස්ථාවරය වී ඇති බව කියති. එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ඊයේ ගාල්ලේ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ…

රුපියලේ අගය තව පිම්මකින් පහත වැටෙයි ; රැකගන්න කොහොමටවත් බැරි වෙයි.

ශ්‍රී ලංකා රුපියලේ හුවමාරු වටිනාකම ඇමෙරිකානු ඩොලරයකට රුපියල් 204.62 දක්වා අද දිනයේ තව දුරටත් පහළ වැටුණි. මීට පෙර අවම වටිනාකම සටහන් වුයේ ඩොලරයකට රුපියල් 203.73 ක් වශයෙනි. ඒ පසුගිය 12 දා , සඳුදා ය. මේ අනුව පෙනී යන්නේ රුපියල අව ප්‍රමාණ වීම වැළක්වීමේ සියලු පියවර අසාර්ථක වී ඇති බවයි.