රනිල් සමඟ සබඳතා පවත්වන සජබ කට්ටිය ගැන හොයන්න සජිත්ගෙන් ඔත්තු සේවයක් !

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සබඳතා පවත්වන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ ගමන් බිමන් සහ හමුවීම් ගැන සොයා බලා වාර්තා කිරීමට සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ තමන්ට හිතවත් පිරිසක් යොදවා ඇති බව එම පක්ෂයේ තතුදත් ආරංචි මාර්ග කියයි.
මෙම තත්ත්වයට ආසන්න හේතුව වී ඇත්තේ සමගි ජන බලවේගයේ ඇතැම් ප්‍රබලයින් එජාප නායකත්වය සමඟ කිට්ටු සුහද සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවට පසුගිය සති අන්තයේ ඉංග්‍රීසි ජාතික පුවත්පතක දේශපාලන තොරතුරු තිරයෙන් කර තිබු හෙළිදරව්වකි. ඔවුන් අතර නිතර ම කතා බහට ලක්වෙන කරුණක් වන්නේ පක්ෂ නායකත්වය පිලිබඳ ප්රශ්නය බව ද එම වාර්තාවේ සඳහන්ව ඇත.
ප්‍රධාන විපක්ෂය බවට පත්ව ඇති සමගි ජන බලවේගය රටේ බොහෝ ප්‍රශ්න ගැන ප්‍රතිචාර දැක්විය යුතු වුව ද, සමගි ජන බලවේගය ඇතැම් ප්‍රශ්න සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් හෝ නිකුත් නොකරන බවත් , කිසිවෙකු නොදන්නා හේතුවක් නිසා පක්ෂ නායකත්වය එවැනි මැදිහත්වීම් ගැන උනන්දුවක් නොදක්වන බව පක්ෂයේ උදවිය පෞද්ගලිකව ප්‍රකාශ කරන බවත්, එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වී තිබේ.
රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය ටික කාලෙකට හෝ හිස්ව තබාගෙන ඔහු වෙනුවෙන් සටන් කිරීම වෙනුවට ඔහු පාවාදෙමින් වෙනත් අයෙකු එම තනතුරේ වහා ම දිවුරුම් දීමට කටයුතු කිරීම නිසා සජබ පක්ෂ නායකත්වය පිලිබඳ කලකිරීම තවත් වර්ධනය වී ඇතැයි කියති.
