කියුබාවේ කස්ත්‍රෝ යුගය අවසන්, රාවුල් කස්ත්‍රෝ කියුබානු නායකත්වයෙන් ඉවත්වෙයි

කියුබාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස එරට දේශපාලනය මෙහෙය වූ රවුල් කස්ත්‍රෝ පක්ෂ නායකත්වයෙන් ඉවත්වීම ප්‍රකාශයට පත්කොට ඇත.
කියුබානු විප්ලවයේ නියමුවා වූ ෆිදෙල් කස්ත්‍රෝගෙන් පසුව එරටට නායකත්වය දුන්නේ ෆිදෙල්ගේ සොහොයුරු මෙන්ම විප්ලවයේ සගයකු ද වූ රාවුල් කස්ත්‍රෝටය. ඔහුගෙන් පසු ජනාධිපති ධුරය පැවරුණේ කියුබානු විප්ලවයේ දරුවකු වූ මිගෙල් ඩියස් කැනල් වෙතය. තවදුරටත් කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ධුරය රාවුල් විසින් ම ඉසිලීය. ඊයේ ආරම්භ වී සඳුදා තෙක් පැවැත්වෙන පක්ෂයේ 8 වෙනි මහා සම්මේලනයේ දී එම ධුරයෙන් රාවුල් කස්ත්‍රෝ ඉවත් වීම ඊයේ නිවේදනය කළේ ය..
රවුල්ගේ ඉවත්වීමත් සමඟ කියුබානු ඉතිහාසයේ පශ්චාත් කස්ත්‍රෝ යුගයේ ආරම්භය සටහන් වනු ඇත. තමන් මහලේකම් ධුරයෙන් ඉවත්වීම 8 වෙනි පක්ෂ සම්මේලනයේදී සිදුවනු ඇතැයි රාවුල් ප්‍රකාශ කළේ 2016 දී ය.
කස්ත්‍රෝ යුගය මෙන් ම කියුබානු විප්ලවයට සහභාගී වුවන්ගේ යුගය ද මේ සමග අවසන් වෙයි.
