මුරුත්තෙට්ටුවේ හිමිටත් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාටත් ජනාධිපති බැන තර්ජනය කරලා !

වරාය නගරය සඳහා පරිපාලන කොමිසමක් පත් කිරීමට ඉදිරිපත් කොට ඇති පනත් කෙටුම්පතට එරෙහිව ඊයේ අභයාරාමයේ මාධ්‍ය හමුවක් පැවත් වූ විජේදාස රාජපක්ෂ මහතාට සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා දුරකතනයෙන් අමතා බැන වැදී තර්ජනය කොට ඇති බව වාර්තා වෙයි.
ජනාධිපතිවරයා තමන්ට ඉතා පහත් ආකාරයෙන් බැන වැදුණු බව විජේදාස රාජපක්ෂ මහතා අද දහවල් සිය නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතා ප්‍රකශ කළේ ය. ජනාධිපතවරයා අවේගයෙන් කළ ප්‍රකාශවලට එම ආකාරයෙන් ම ප්‍රතිචාර දැක්වීමට තමන්ට සිදු වූ බව ද ඒ මහතා කීය.
මුරුත්තෙට්ටුවේ හිමියන්ට ද තර්ජනය කළ බව තමන්ට දැනගන්නට ලැබුණු බව කීව ද රාජපක්ෂ මහතා ඒ පිළිබඳව වැඩි විස්තර ප්‍රකාශ කළේ නැත.
තමන්ට එල්ල වූ තර්ජන පිළිබඳව පොලිස්පතිවරයා දැනුවත් කළ බවත්, ලිඛිතව ද පැමිණිලි කරන බවත් , විජේදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
