රාජපක්ෂලා රටට සාපයක් බව දැන් මිනිස්සු කියනවා, රාජක්ෂලගේ පඹයින් ගිනි තියන්නේ හම්බන්තොට යි – ආණ්ඩු පක්ෂ මන්ත්‍රී විජයදාස රාජපක්ෂ

රාජපක්ෂලා රටට සාපයක් බව දැන් මිනිසුන් කියන්නට පටන්ගෙන ඇති බවත් , රාජපක්ෂලාගේ පඹයින් ගිනි තියන්නේ හම්බන්තොට දී බවත් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
“බලය ගත්තා නම් කර ගනිල්ලා ” කියමින් ආණ්ඩුවේ ඇමතිවරුන් ද නිකම් ඉන්න බවත්, ඔවුන්ට වැඩ කරන්නට බලයක් දී නැති බවත්, ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.
පසුගිය රජයේ බැඳුම්කර වංචාව කොටි අට සියයක් බව කි ඒ මහතා කබ්රාල් ඇමතිවරයාගේ කාලයේ බැඳුම්කර වංචාව කොටි දොළොස් දහසක් බවත්, ග්‍රීක බැඳුම්කර පාඩුව කොටි අට දහසක් බවත් , මේ ආණ්ඩුවේ සීනි බදු වංචාව කොටි එක් දහස් අට සියයක් බවත් පැවසීය. තවත් වංචා ගණනාවක් ගැන ද ඒ මහතා හෙළි කළේ ය.
කොළඹ වරාය කොමිසන් සභා පනතට එරෙහිව ඊයේ කොළඹ අභයාරාමයේ පැවතී මාධ්‍ය සාකච්ඡාවක් අමතා ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ ය.
කොළඹ වරාය නගරය පනතක් මගින් චීනයට පවරාදීමට රජය උත්සාහ කරමින් සිටින බව එහි දී ප්‍රකශ කළ විජයදාස රාජපක්ෂ මහතා ආණ්ඩුව පනත හංගගෙන සිට 12 දා එලියට දැම්මේ අවුරුදු නිවාඩුව නිසා කිසිවකුට උසාවි යන්නට අවස්ථාව නොලැබී රහසේ ම පනත සම්මත කර ගන්නට බව ද පැවසීය.
එම පනතෙහි ඇතැම් කොටස් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය ඉතා භයානක එකක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට වරාය ලබාදුන්නේ ගිවිසුමක් මගින් වන අතර වරාය නගරය පනතක් හරහා චීනයට පවරාදෙන්නට යාම හම්බන්තොට වරාය යෝජනාවට වඩා භයානක එකක් බව ද මන්ත්‍රීවරයා පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
” අපේ රටට සිතියමක් තිබෙනවා. අපේ රට කියන්නේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ක් හා රට වටා ඇති ජල තීරයයි. වරාය නගරය හරහා අපේ ජල තීරයෙන් අක්කර 1100ක් ගොඩබිමක් වූ පසු එය අපේ රටේ ගොඩබිමේ කොටසක්. මේ පනතට අනුව එම ගොඩකල අක්කර 1,100 ශ්‍රී ලංකාවට, බස්නාහිර පළාතට හෝ කොළඹ දිස්ත්‍රික්කයට අයිති නෑ. මේ පනතෙන් එය පාලනය කරන්න කොමිසමක් හදන්න යනවා. කොමිසම කටයුතු කරන්නේ චීන සමාගමේ අවශ්‍යතා අනුවයි. රටේ ක්‍රියාත්මක පනත් ගණනාවක් වරාය නගරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ.
දේශීය ආදායම් පනත ඇතුළු බදු පනත් 14න්ම මෙම කොටස මුදා හැර තිබෙනවා. පාර්ලිමේන්තුවටත් මේ සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි අතර එහි වැටුප් ගෙවන්නේත් විදේශ මුදල් ඒකකයකින්. එහි ගොස් යමක් මිලදී ගතහොත් අපි ඒ වෙනුවෙන් බදු ගෙවිය යුතුයි. මෙය සම්පූර්ණයෙන්ම වෙනත් රටක් හා සමාන වෙනවා. අපි මෙයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්නට තිරණය කර ඇත්තේ ඒ නිසයි.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ද මෙහි දී මාධ්‍ය වෙත අදහස් දැක්වුහ.
Photo – Colombopage
