මන්ත්‍රී ධුරය භාරගන්න රනිල් යළිත් බෑ කියයි

පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගෙන පාර්ලිමේන්තුවට පැමිණීමට පක්ෂයෙන් කර ඇති ඉල්ලීම එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් නැවත වතාවක් පතික්ෂේප කොට ඇති බව වාර්තා වෙයි.

එම අවස්ථාව තරුණයෙකුට ලබා දිය යුතු බව එජාප නායකයාගේ ස්ථාවරය වී ඇති බව කියති.

එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ඊයේ ගාල්ලේ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතා එම මන්ත්‍රී ධුරය භාරගත යුතු බව පක්ෂයේ ඒකමතික තීරණය බව යි. තව මාස එකහමාරකින් දෙකකින් වික්‍රමසිංහ මහතා එම තනතුර භාරගෙන පාර්ලිමේන්තු පැමිණෙනු ඇතැයි වජිර අබේවර්ධන මහතා විශ්වාසය පළ කළේ ය.

කෙසේ වෙතත් ,පක්ෂයේ එම ඉල්ලීම රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කොට ඇති බව එජාප නායකයාගේ මාධ්‍ය ප්‍රකාශක දිනුක් කොළඹගේ මහතා ප්‍රකාශ කළ බව ECONOMYNEXT වෙබ් අඩවිය අද වාර්තා කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *