“මෙහෙම කාබනික ගොවිතැන ආර්ථිකයට හානිකරයි ; රජයේ ම ප්‍රතිපත්තිවලට පටහැනියි” –  ශ‍්‍රී ලංකා කෘෂි ආර්ථික විද්‍යා සංගමය

හරිත සමාජ-ආර්ථික ආකෘතියක්  අනුගමනය කිරීමට වත්මන් රජය ගත් ප‍්‍රතිපත්තිමය තීරණය තමන් අගය කරන නමුත් මෙලෙස එකවර කෘෂි රසායනික තහනම් කිරීමෙන් රටට සිදුවන හානිය බරපතල බවත්, එය රජයේ ම සංවර්ධන ප්‍රතිපත්ති සමග ගැටෙන බවත්, ශ්‍රී ලංකා කෘෂි ආර්ථික විද්‍යා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියයි. මෙලෙස රසායනික පොහොර තහනම් කළහොත් වී අස්වැන්න සියයට 25 කින් ද, තේ…

කාබනික කියා කොළේ වසා රසායනික පොහොර ගෙන්න කැබිනට් අනුමැතිය

ලබන මහා කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර ගෙන්වීමට කැබිනට් අනුමැතිය දුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාධ්‍යයට ප්‍රකාශ කළ ද ගෙන්වන්නට සැලසුම් කොට ඇත්තේ රසායනික පොහොර බව තතු දත් ආරංචි මාර්ග කියයි. කැබිනට පත්‍රිකවේ සඳහන් වන්නේ මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර දේශීය වශයෙන් ලබාගත නොහැකි නිසා පිටරටින් පොහොර ගෙන්වීමට ටෙන්ඩර් කැඳවන බව සහ…

ඇවන්ගාඩ් සමුද්‍ර ආරක්ෂණ සමාගමට යළි අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය

සමුද්‍රාරක්ෂණ සේවා සැපයීමේ ව්‍යාපෘතිය පෙර තිබුණු පරිදිම රක්නා ආරක්ෂක ලංකා සමාගමට සහ ඇවන්ගාඩ් සමාගමට යළි ලබාදීමේ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. ඊයේ (09) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ නීතිපතිවරයාගේ නිර්දේශ ද සමඟිනි. එහිදී නීතිපතිවරයා කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දී ඇත්තේ වාණිජ නෞකා සඳහා ආරක්ෂක සේවා…

කොවිඩ් මරණ වාර්තා බිඳියි ; අද 111 යි ; නව ආසාදිතයින් 2938 යි

මෙරට එක දිනක කොවිඩ් මරණ සංඛ්‍යාව රජයේ නිල වාර්තා අනුව 111 ක් ලෙස වාර්තා ගත ඉහළ යාමක් පෙන්නුම් කරයි. ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 5,222 ක් වශයෙනි. අද දිනයේ සිදු කරන ලද පී සී ආර් පරීක්ෂණ මගින් අලුතින් හඳුනාගත්තේ යයි වාර්තා කොට ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 2,938 කි. ඒ…

රට ඉදිරියේ තියෙන්නේ “ඩෙල්ටා බෝම්බයක්’’; දිනපතා දවසට තුන් වරක් ඉඟුරු කොත්තමල්ලි බොන්න – රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන

කොවිඩ් වසංගතයේ දී, මෙරට ඉදිරියේ දැන් තිබෙන්නේ පුපුරා යෑමට ආසන්න භයංකාර “ඩෙල්ටා බෝම්බයක්” බවත් ජනතාව පරිස්සම්කාරී නොවූණහොත් එය කොයි මොහොතේ හෝ පුපුරා යා හැකි බවත් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කොට ඇත. එමෙන් ම, මරණ වලක්වා ගැනීමට කොවිඩ් එන්නත් ලබාගන්නා ලෙසත්, විටමින් සී සහිත පලතුරු ආහාරයට ගන්නා ලෙසත්,…

රටවැසියෙකු ඕනෑ කර තිබේ – නිශාන්ත කමලදාස

අපි දේශපාලනඥයන්ට බණිමු. අපට වංචා කරන ‌තව එවැනි බොහෝ බලවේගයන්ට බණිමු. ජඩ මාධ්‍ය කියා මාධ්‍ය වලට ද බණිමු. ජඩ මාධ්‍යයන් විසින් පෙර කී සියල්ලන් උලුප්පන නිසා උන්ට වැඩි පුර බණිමු. ඇත්ත කතාව නම් අප ගැන වඩාත් හොඳින් දන්නේ දේශපාලනඥයින් ඇරුණහම අපට වංචා කරන්නන් ඇරුණහම ජඩ මාධ්‍යයන් බව ය. ඒ ජඩ මාධ්‍ය තුළ පිළිබිඹු වන්නේ අපේ…

තවත් කොවිඩ් මරණ 94 ක් ; නව ආසාදිතයින් 2956 ක්

අද දිනයේ ආණ්ඩුව නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 94 කි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 5,111 ක් වශයෙනි. අද දිනයේ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2956 ක් ලෙස වාර්තා කොට ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 329, 994 ක්…

විශේෂඥ වෛද්‍ය මත තඹේකට නොතකන ආණ්ඩුව ඥානක්කාගේ උපදෙස් අනුව අකුරට වැඩ ! රට විවෘතයි ! පෙරහැර සුදානම් !!

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය හමුවේ ඇතිවිය හැකි විනාශයෙන් ගැලවීමට අඩු තරමින් තව සති දෙකකවත් රට වසා තබන ලෙස විශේෂඥ වෛද්‍යවරුන් කරන ඉල්ලීම ගණන් නොගන්න ආණ්ඩුව අනුරාධපුරේ ශාස්තර කියන්නියක ලෙස ප්‍රකට ඥානක්කා නමැත්තියගේ උපදෙස් මත රට විවෘත කොට තබාගෙන නුවර ශ්‍රී දළදා පෙරහැර මහජන සහභාගීත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කොට ඇති බව වාර්තා වෙයි. ඒ අනුව නුවර…

ජනාධිපතිගේ කොවිඩ් බලකාය මරණවලට වගකිව යුතුයි ; එය විසුරුවා නීත්‍යනුකුල ආයතනවලට බලය දෙන්න – රනිල් වික්‍රමසිංහ

කොවිඩ් වසංගතය පාලනය කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය අසමත් වී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස යළිත් කොවිඩ් වසංගත තත්වය ඉහළ යමින් තිබෙන බවත්,  එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. මේ නිසා එම බලකාය වහාම විසුරුවා හැරිය යුතු බවත්, නීත්‍යනුකුලව පිහිටුවා ඇති ආයතනවලට බලය දිය යුතු බවත්, එජාප නායකයා  කියයි. වසංගත…

කාබනික ගොවිතැනට පක්ෂව ආණ්ඩුව මුදල් ගෙවා ලිපි ලියවති !

රසායනික පොහොර තහනම් කිරීමේ රජයේ අත්තනෝමතික තීරණය පිළිබඳව විද්‍යාර්තීන්ගෙන්  සහ පරිසරවෙදීන්ගෙන් එල්ල වී ඇති බරපතල විවේචන ඉදිරියේ අසරණව සිටින ආණ්ඩුව මේ වනවිට ජනාධිපතිවරයාගේ තීන්දුවට පක්ෂව මාධ්‍යයේ මුදල් ගෙවා ලිපි පලකිරීමේ වැඩ සටහන් ක්‍රියාවට නංවා  ඇත. එම ඇතැම් ආයතනවලට ඔවුන් පලකරන ලිපි සඳහා මුදල් ගෙවන බව වාර්තා වන අතර ඇතැම් ආයතනවලට වෙළෙඳ දැන්වීම් පදනමින් ලිපි සපයා…

කොවිඩ් මරණ 5000 ඉක්මවයි ; අද එකතුව 98 යි; නව ආසාදිතයින් 2796 යි

රටේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,000 ඉක්මවා යමින් අද දිනයේ තවත් මරණ 98 ක් නිල වශයෙන් වාර්තා කරනු ලැබී ය. ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 5,017 ක් වශයෙනි. නිල වාර්තා අනුව අද දිනයේ අලුතින් වාර්තා වී ඇති නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 2,796 කි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව නිල වශයෙන්…

ආණ්ඩුව ඩෙල්ටා සමග සටන් කිරීමට නිර්භීත තීරණයක් ගෙන ඇත. දැන් 150 -200 ක් සමුහ ආදාහනාගාරයක් ඉදිකළ යුතු කාලය යි – මහාචාර්ය සුනිත් අගම්පොඩි

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය සමග සටන් කිරීමට ආණ්ඩුව නිර්භීත තීරණයක් ගෙන ඇති බවත්, එහි ඊළඟ පියවර ලෙස එකවර මිනී 150 -200 ක් දහනය කළ හැකි සමුහ ආදාහනාගාරයක් ඉදිකළ යුතුව ඇති බවත්, රජරට විශ්ව විද්‍යාලයේ ප්‍රජා සෞඛ්‍ය විද්‍යාව පිලිබඳ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසයි. තම මුහුණු පොත් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙසේ කියයි. ” ඩෙල්ටා ප්‍රභේදයට…