ජනාධිපතිගේ කොවිඩ් බලකාය මරණවලට වගකිව යුතුයි ; එය විසුරුවා නීත්‍යනුකුල ආයතනවලට බලය දෙන්න – රනිල් වික්‍රමසිංහ

කොවිඩ් වසංගතය පාලනය කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය අසමත් වී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස යළිත් කොවිඩ් වසංගත තත්වය ඉහළ යමින් තිබෙන බවත්,  එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. මේ නිසා එම බලකාය වහාම විසුරුවා හැරිය යුතු බවත්, නීත්‍යනුකුලව පිහිටුවා ඇති ආයතනවලට බලය දිය යුතු බවත්, එජාප නායකයා  කියයි.

වසංගත සම්බන්ධ ප්‍රාමාණික දැනුමැති වෛද්‍ය විශේෂඥයන් සිටියදී ඔවුන් පසෙකට දමා වසංගතය පිළිබඳ සියලු බලතල ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත ලබාදුන් නමුත් ඉන් කිසිදු ප්‍රතිඵලයක් ලැබී නොමැති බව පවසන  වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසන්නේ එම කාර්ය සාධක බලකාය ව්‍යවස්ථානුකූල එකක් නොවන බවයි.

පාලනයේ පවතින අසංවිධිත බව නිසා කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට 5000 ඉක්මවා ඇති බවත්, එම මරණවලට ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් හා ඔවුන් පත්කළ ආණ්ඩුවේ නායකයන් වගකිව යුතු බවත්, පෙන්වා දෙන රනිල් වික්‍රමසිංහ මහතා බවසන්නේ සෞඛ්‍ය විශේෂඥයන්ට වසංගතය පිළිබඳ තීන්දු ගැනීමේ බලය ලබා නොදුනහොත්, 21 වැනි සියවසේ විසාලා මහනුවර  බවට ශ්‍රී ලංකාව පත්වනු ඇති බවයි.

අන්තර්ජාලය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා අද මෙම අදහස් පළ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *