කාබනික ගොවිතැනට පක්ෂව ආණ්ඩුව මුදල් ගෙවා ලිපි ලියවති !

රසායනික පොහොර තහනම් කිරීමේ රජයේ අත්තනෝමතික තීරණය පිළිබඳව විද්‍යාර්තීන්ගෙන් සහ පරිසරවෙදීන්ගෙන් එල්ල වී ඇති බරපතල විවේචන ඉදිරියේ අසරණව සිටින ආණ්ඩුව මේ වනවිට ජනාධිපතිවරයාගේ තීන්දුවට පක්ෂව මාධ්‍යයේ මුදල් ගෙවා ලිපි පලකිරීමේ වැඩ සටහන් ක්‍රියාවට නංවා ඇත.
එම ඇතැම් ආයතනවලට ඔවුන් පලකරන ලිපි සඳහා මුදල් ගෙවන බව වාර්තා වන අතර ඇතැම් ආයතනවලට වෙළෙඳ දැන්වීම් පදනමින් ලිපි සපයා තිබේ. එබඳු ඇතැම් ලිපි අවසානයේ “අනුග්‍රාහක ලිපියක්” ලෙස සඳහන් වන නමුත් බොහෝ පාටකයන්ගේ අවධානයට එම සඳහන් ලක් නොවන බව පෙනෙන්නට තිබේ.
කාබනික ගොවිතැනේ වාසි, ජනාධිපතිගේ ක්‍රියා වර්නනා කිරීම මෙන් ම රසායනික පොහොර ගෙන්වීම තහනමට එරෙහිව පලවන අදහස් පිටුපස රසායනික වෙළෙඳ සමාගම් සිටින බවට අවලාද නැගීමට ද මෙම ලිපි යොදාගෙන තිබේ.
ඇතැම් මාධ්‍යවල මෙම ලිපි පලකොට ඇත්තේ ඒවා මුදල් ගෙවා කළ පළකිරීම් බවට කිසිදු සඳහනකින් තොරව ය.
මේ වනවිට මෙරට ප්‍රධාන පෙලේ පිළිගත් කෘෂි විද්‍යාඥයන් සහ පරිසරවේදීන් සියලු දෙනා ම පාහේ අදහස් දක්වා ඇත්තේ හදිසියේ රසායනික පොහොර තහනම් කිරීමට එරෙහිව ය. සම්පුර්ණ කාබනික ගොවිතැන කිසිසේත් ප්‍රයෝගික නොවන බව ද බොහෝ දෙනා පෙන්වා දී ඇත.
කාබනික කෘෂි සැලසුම් සකස් කිරීමට රජය භාර දී ඇති කෘෂිකර්ම විශේෂඥයන් ද පෙන්වා දී ඇත්තේ ඇතැම් රසායනික අත්‍යවශ්‍ය බව යි. කාබනික ගොවිතැනට යොදාගන්නා ඛනිජ ලෙස හඳුන්වා එම රසායනික ගෙන්වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කොට ඇත.
ඒ සඳහා පසුගිය දා නිකුත් කළ ගැසට් නිවේදනය හේතුවෙන් රජයේ අභ්‍යන්තර ගැටුම උත්සන්න වී ඇති බව ද කියති.
