කොවිඩ් මරණ 5000 ඉක්මවයි ; අද එකතුව 98 යි; නව ආසාදිතයින් 2796 යි

රටේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,000 ඉක්මවා යමින් අද දිනයේ තවත් මරණ 98 ක් නිල වශයෙන් වාර්තා කරනු ලැබී ය.
ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 5,017 ක් වශයෙනි.
නිල වාර්තා අනුව අද දිනයේ අලුතින් වාර්තා වී ඇති නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 2,796 කි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 327,019 ක් වශයෙනි.
කෙසේ වෙතත්, සෞඛ්‍ය සේවයෙන් වාර්තා වන්නේ මේ වනවිට සියලු රෝහල්වල ප්‍රතිකාර කිරීමේ සීමා ඉක්මවා රෝගීන් ඇතුලත් වී සිටින බව යි.
එමෙන්ම, ප්‍රධාන රෝහල්වල මෘත ශරීරාගාර පිරී ඇති බව ද වාර්තා වෙයි.
තත්ත්වය ඉතා අවදානම් බව සෞඛ්‍ය සේවා අංශ අනතුරු අඟවා තිබේ.
