විශේෂඥ වෛද්‍ය මත තඹේකට නොතකන ආණ්ඩුව ඥානක්කාගේ උපදෙස් අනුව අකුරට වැඩ ! රට විවෘතයි ! පෙරහැර සුදානම් !!

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය හමුවේ ඇතිවිය හැකි විනාශයෙන් ගැලවීමට අඩු තරමින් තව සති දෙකකවත් රට වසා තබන ලෙස විශේෂඥ වෛද්‍යවරුන් කරන ඉල්ලීම ගණන් නොගන්න ආණ්ඩුව අනුරාධපුරේ ශාස්තර කියන්නියක ලෙස ප්‍රකට ඥානක්කා නමැත්තියගේ උපදෙස් මත රට විවෘත කොට තබාගෙන නුවර ශ්‍රී දළදා පෙරහැර මහජන සහභාගීත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කොට ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව නුවර පෙරහරට සහභාගී වන සියලු ශිල්පීන්ට එන්නත් ලබා දීම මේ දිනවල සිදුවන අතර පෙරහරට පෙර සියලු ශිල්පීන්ට එන්නත් දෙක ම දෙන ලෙස උපදෙස් දී ඇති බව ද වාර්තා වෙයි.

පෙරහැර පැවැත්වෙන මුළු කාලය තුළ එයට සම්බන්ධ වන සියලු ශිල්පීන්ට ඔවුන්ට ලබාදෙන නවතන් පොලවල්වලින් පිටත යාමට ඉඩ නොලැබෙනු ඇත. ඔවුන් සියලු දෙනාට අවට පාසල්වල නවතන් සුදානම් කොට තිබේ.

පෙරහැරේ කටයුතුවලට සම්බන්ධවන රජයේ නිලධාරීන් සඳහා ද මෙබඳු ම වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *