එන සතියේ රටටම සැනසිල්ලක්.. කොරෝනා හොදටම අඩුවෙනවා.. ඉන්පසු පුරුදු විදිහට කටයුතු කළ හැකියි..- වසංගත රෝග ගැන මෙරට ඉහලම වෛද්‍ය විද්‍යාඥ සුදත් සමරවීර

පවතින තත්වය යටතේ ඉදිරි සතිය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම ඉතාමත් අවම තත්ත්වයකට වැටෙනු ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි. දැනට අභියෝගය වී ඇත්තේ රෝගී ලක්ෂණ නොමැති රෝගීන් සිටින්නේ නම් ඔවුන් හඳුනාගැනීම යැයිද ඔහු සඳහන් කළේය. ඔවුන් හඳුනා ගැනීම සඳහා ද මේ වනවිට…

අලුතින් කොවිඩ් 19 රෝගීන් කිසිවකු නෑ

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ කිසිවකු පසුගිය පැය 24 තුළ වාර්තා වී නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා අද පැවති මාධ්‍ය  හමුවක් අමතා ප්‍රකාශ කළේ ය. ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු අද සුවය ලබා පිටව ගියේ ය. ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 50ක් බවට පත් වීය.

කොරෝනා වසංගතය සම්බන්ධ ව්‍යාජ ප්‍රචාර ගැන ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

COVID-19 සඳහා ආයුර්වේද ප්‍රතිකාර පිළිබඳව විවිධ සමාජ මාධ්‍ය මගින් පළවන දේවල්ඉහි කිසිදු සත්‍යතාවක් නැති බව ආයුර්වේද දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තු නිළධාරීන් පවසන්නේ ප්‍රතිශක්තිය වර්ධනය කරන ඖෂධ වන ඉඟුරු සහ කොත්තමල්ලි වැනි පවතින නමුත් වයිරසය සඳහා එවැනි කිසිදු ආයුර්වේද ප්‍රතිකාරයක් නොමැති බවයි ආයුර්වේද කොමසාරිස් කේ.ඩී.සී.එස්. කුමාරතුංග පවසන්නේ 1961 අංක 31 වන ආයුර්වේද පනත යටතේ ආයුර්වේද වෛද්‍ය…

පාදෙණියගේ දුම් මුට්ටි කථාවෙන් වෛද්‍ය ක්ෂේත්‍රයේ ආන්දෝලනයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය විසින් කරන ලද කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීමට ආයුර්වේද ක්‍රමයට දුම් ඇල්ලීම, කැඳ පානය සුදුසුය යන ප්‍රකාශය සම්බන්ධයෙන් වෛද්‍ය ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයක් මතුව තිබේ. මේ පිළිබඳව ලංකා වීව්ස් විශේෂඥ වෛද්‍යවරයකුගෙන් විමසා සිටි අතර තම නම ප්‍රසිද්ධ කිරීමට අකමැතිවූ ඔහු සඳහන් කලේ එවන් ප්‍රකාශයක් කිරීමට වෛද්‍ය පාදෙණියට කිසිදු සුදුසුකමක්…

කොරෝනාවෙන් සුවය ලබා තවත් අයෙක් පිටව යයි

කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා අද (10) තවත් පුද්ගලයකු පිටත්ව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව වයිරසය ආසාදනය වී සුවය ලබා පිටත්ව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 50 කි. මලිෂා ගුණවර්ධන ලංකාදීප

කොරෝනා ආසාදිතයන් ඇසුරුකළ අය තව ඉන්නේ 1347 යි – ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

කොරෝනා හෙවත් කොවිඩ් 19 ආසාදිතයන් සමග සබඳතා පැවත්වුවන් ලෙස හඳුනාගත් අය අතරින් විශාල පිරිසක් නිරෝධායනය වී පිටව ගොස් ඇති බවත් තව ඉතිරිව සිටින්නේ 1347ක ප්‍රමාණයක් බවත් කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධන කමිටු ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ය. අසාධිතයන් ඇසුරු කළ 42,000ක් සිටින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ ප්‍රකාශනයක් පිළිබඳව දෙරණ…

ගෝලීය වසංගත අර්බුදයට සාමූහිකව මුහුණ දිය හැකි පොදු ජන විඥානයක් ගොඩනැගීමට මැදිහත් වන්න – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

කොව්ඩ් 19 වසංගත උවදුරට මුහුණ දීම සඳහා ප්‍රබල සාමූහික සමාජ ප්‍රයත්නයක් අවශ්‍යව තිබෙන මොහොතක විවිධ මුහුණුවරින් පැන නගින වාර්ගික හා ආගමික අන්තවාදී බලපෑම් එම සාමූහික සමාජ ප්‍රයත්නයට බරපතල අභියෝගයක් හා තර්ජනයක් වී ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.  ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ජාති හා ආගම්වාදි  අගතිදායක වාර්තාකරණයන් සිදුවන අයුරු නිරීක්ෂණය…

අද දිනයේ එක රෝගියයි

කොවිඩ් 19 වෛරස් අසාදනය වී ඇති බවට අද දිනයේ හඳුනාගෙන ඇත්තේ එක් රෝගියකු පමණක් බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි. ඒ අනුව මෙරටින් සොයාගත් රෝගීන් සංඛ්‍යාව 190 දක්වා ඉහල ගොස් ඇත. රෝගීන් සොයාගැනීමේ පරීක්ෂණ 400ක් පමණ අද දිනයේ සිදුකොට ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕනෑ නැතැයි ජනපති ලේකම් මැකෝට ලියයි

පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ ප‍්‍රශ්නයක් පැන නොනගින බව ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත. මහ මැතිවරණය මැයි මස 28 වැනිදා හෝ ඊට පෙර පැවැත්වීමට නොහැකි බව  ප‍්‍රකාශ කිරීම මේ අවස්ථාවේ කළ නොහකැකි යැයිද ඡන්ද විමසීමේ දිනය…

කොවිඩ් 19 පාලනය කොට අවසන් ; දැන් තිබෙන්නේ තුරන් කිරීම යි – වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

දිවයින පුරා  පැතිරීමේ තර්ජනය තිබු කොවිඩ් 19 වසංගතය පැතිරීම මේ වනවිට පාලනය කොට අවසන් බව කොළඹ IDH රෝහලේ අධ්‍යක්ෂ වසංගත රෝග විසේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කරයි . ඉදිරි දිනවල කිරීමට ඇත්තේ රෝගය මෙරටින් තුරන් කිරීම බව කියන වෛද්‍ය විජේවීක්‍රම මහතා දැන් සියලු දෙනාගේ සහය අවශ්‍ය වන්නේ එම කටයුත්ත සඳහා බව ද පෙන්වා දුන්නේ…

GMOA වෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට ප්‍රහාර

කොවිඩ් 19 වසංගතය මැඩලීමේ වැඩ කටයුතු නියමාකාර ලෙස සිදු නොකරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයට චෝදනා කරයි . ඔවුන් කියන්නේ රෝගීන් 1500ක් පරීක්ෂා කිරීමට පහසුකම් අමාත්‍යාංශය සතුව තිබුණ ද තවමත් දිනකට කරන්නේ පරීක්ෂණ 300ක් පමණක් බවයි. පරීක්ෂණ වැඩි කරන ලෙස ජනාධිපතිතුමා සහ අගමැතිතුමා දුන් උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශය නොතකා හැර ඇති බව ද වෛද්‍ය…

කොවිඩ් 19 සමාජීය පැතිරීමක් තවම නෑ – DIG අජිත් රෝහණ

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 වෛරසය සමාජයීය වශයෙන් පැතිරීමක් තවමත් සිදු වී නැති බව විශේෂඥ මතය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ය. දැනට හමු වී ඇති කොවිඩ් රෝගීන් සියලු දෙනා ම වාර්තා වී ඇත්තේ විදේශවලින් පැමිණි පුද්ගලයන්ට සම්බන්ධ ජාල වලින් බව විශේෂඥ වෛද්‍යවරුන් පේනවා දී ඇති බව…