GMOA වෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට ප්‍රහාර

කොවිඩ් 19 වසංගතය මැඩලීමේ වැඩ කටයුතු නියමාකාර ලෙස සිදු නොකරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයට චෝදනා කරයි .
ඔවුන් කියන්නේ රෝගීන් 1500ක් පරීක්ෂා කිරීමට පහසුකම් අමාත්‍යාංශය සතුව තිබුණ ද තවමත් දිනකට කරන්නේ පරීක්ෂණ 300ක් පමණක් බවයි.
පරීක්ෂණ වැඩි කරන ලෙස ජනාධිපතිතුමා සහ අගමැතිතුමා දුන් උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශය නොතකා හැර ඇති බව ද වෛද්‍ය සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා මාධ්‍යයට ප්‍රකාශ කොට ඇත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා කියන්නේ මෙතෙක් හඳුනාගෙන ඇති ජාලවලට පිටතින් කළ පරීක්ෂණ කිසිවකින් රෝගීන් හමු වී නැති බවයි. සමාජයේ රෝගීන් නැති තත්ත්වයක් තුළ නිකරුනේ පරීක්ෂණ කළ යුතු නැති බව කියන ඒ මහතා ඉදිරි කාලයේ සැලසුමකට අනුව පරීක්ෂණ වැඩිකරන බව ද කියයි.
