කොවිඩ් 19 සමාජීය පැතිරීමක් තවම නෑ – DIG අජිත් රෝහණ

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 වෛරසය සමාජයීය වශයෙන් පැතිරීමක් තවමත් සිදු වී නැති බව විශේෂඥ මතය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ය.
දැනට හමු වී ඇති කොවිඩ් රෝගීන් සියලු දෙනා ම වාර්තා වී ඇත්තේ විදේශවලින් පැමිණි පුද්ගලයන්ට සම්බන්ධ ජාල වලින් බව විශේෂඥ වෛද්‍යවරුන් පේනවා දී ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසී ය.
අද උදේ දෙරණ රුපවාහිනියේ සාකච්ඡාවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව හෙළිදරවු කළේ ය.
කොවිඩ් 19 වෛරසය සමාජීය ලෙස පැතිරීම ආරම්භ වී ඇති බවට හා ඉදිරි දිනවල රෝගීන් විශාල පිරිසක් හමුවනු ඇති බවටත් විශාල ප්‍රචාරයක් ගෙනයන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි . එම මතය විශේෂඥ වෛද්‍යවරුන් නොපිළිගන්නා බව “GMOA ළදරු වලිප්පුවට විශේෂඥ වෛද්‍ය විරෝධය ” ශිර්ෂ පාටය යටතේ “යුක්තිය ” මුල් වරට ඊයේ හෙළි කළේ ය. අද DIG අජිත් රෝහණ මහතාගේ ප්‍රකාශයෙන් අපේ පුවත තහවුරු වෙයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාර්තු අග දී කීවේ අප්‍රේල් 7 -10 වනවිට රෝගීන් 4000ක් පමණ වාර්තා විය හැකි බව යි. අද, අප්‍රේල් 8 දා වන විට ද , වාර්තා වී ඇත්තේ රෝගීන් 189කි.
විශාල අනතුරක් ඇතැයි බියපත් කරමින් වෛද්‍ය සංගමය රජයට බල කරන්නේ ඇඳිරි නීතිය බුරුලක් නොදී දිගට ම පවත්වා ගෙන යන ලෙස ය. දශ ලක්ෂ ගණනක් ජනතාව පීඩාවට ලක්වීම ගැන ඔවුන්ගේ කිසිදු සැලකිල්ලක් ඇති බවක් පෙනෙන්නට නැත.
