කොවිඩ් 19 පාලනය කොට අවසන් ; දැන් තිබෙන්නේ තුරන් කිරීම යි – වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

දිවයින පුරා  පැතිරීමේ තර්ජනය තිබු කොවිඩ් 19 වසංගතය පැතිරීම මේ වනවිට පාලනය කොට අවසන් බව කොළඹ IDH රෝහලේ අධ්‍යක්ෂ වසංගත රෝග විසේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කරයි .

ඉදිරි දිනවල කිරීමට ඇත්තේ රෝගය මෙරටින් තුරන් කිරීම බව කියන වෛද්‍ය විජේවීක්‍රම මහතා දැන් සියලු දෙනාගේ සහය අවශ්‍ය වන්නේ එම කටයුත්ත සඳහා බව ද පෙන්වා දුන්නේ ය.

කොවිඩ් 19 රෝගී පරීක්ෂා 1500ක් දිනකට කිරීමට මෙරට සෞඛ්‍ය සේවා සතුව පහසුකම් ඇති බව කී ඒ මහතා කරන පරීක්ෂණවලින් රෝගීන් හමු නොවෙද්දී නිකරුනේ පරීක්ෂණ කළ යුතු නැති බව ද ප්‍රකාශ කළේ ය.

කොවිඩ් 19 රෝගය නිසා අසාධ්‍ය තත්ත්වයෙන් IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නේ තවත් එක් රෝගියකු පමණක් බව ද විශේෂඥ වෛද්‍යවරයා හෙළිදරවු කළේ ය.

කොවිඩ් 19 පාලනය සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධාන මට්ටමේ සාමාජිකයකු වන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා එම මෙහෙයුමේ ප්‍රබල කාර්යභාරයක් ඉටුකරමින් සිටියි. රෝගීන් හඳුනාගැනීමේ හා ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදුවන්නේ ඒ මහතාගේ අධීක්ෂණය යටතේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *