පාදෙණියගේ දුම් මුට්ටි කථාවෙන් වෛද්‍ය ක්ෂේත්රයේ ආන්දෝලනයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය විසින් කරන ලද කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීමට ආයුර්වේද ක්‍රමයට දුම් ඇල්ලීම, කැඳ පානය සුදුසුය යන ප්‍රකාශය සම්බන්ධයෙන් වෛද්‍ය ක්ෂේත්රයේ දැඩි ආන්දෝලනයක් මතුව තිබේ. මේ පිළිබඳව ලංකා වීව්ස් විශේෂඥ වෛද්‍යවරයකුගෙන් විමසා සිටි අතර තම නම ප්‍රසිද්ධ කිරීමට අකමැතිවූ ඔහු සඳහන් කලේ එවන් ප්‍රකාශයක් කිරීමට වෛද්‍ය පාදෙණියට කිසිදු සුදුසුකමක් සහ පදනමක් නොමැති බවයි.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව කෝවිඩ් 19 වෛරසය මර්දනය කිරීමට දුම් හෝ කැඳ වර්ග සුදුසු යැයි පරීක්ෂණයකින් තභවුරු කරගෙන ආයුර්වේද වෛද්‍ය සභාව එවැනි ප්‍රකාශයක් කල යුතු බව ඔහු පැවසීය. එහෙත් එවන් තහවුරුවක් නොමැතිව ළමා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වන පාදෙණිය සිදුකර ඇත්තේ තමන්ට වගකීමක් නොමැති ක්ෂේත්රයක් සඳහා වන වගකීම් විරහිත ප්‍රකාශයක් බවද විශේෂඥ වෛද්‍යවරයා පවසයි.
එමෙන්ම මෙම ප්‍රකාශය මගින් ජනතාව නොමග යෑමට ඉඩ ඇති බවද ශ්වසන අපහසුතා ඇති ඇතැම් රෝගීන්ට දුම් ඇල්ලීම් අහිතකර බවද ඔහු පෙන්වා දෙයි. තවද මේ මොහොතේ රෝහල් වෙත ඒමට ඇති දුෂ්කරතා සහ රෝහල් වෙත ඒමට ඇතමුන් තුල වන බිය හේතුවෙන් කොවිඩ් 19 ආසාදනය වී ඇති අය පවා නිවෙස් තුලම දුම් ඇල්ලීම් කරමින් සිටියහොත් එය වයිරසය තවත් අයට පැතිරීම වැඩිවීමේ අනතුරක්ද පවතින බව ඔහු පවසයි.
එසේම මෙවන් ප්‍රකාශ නිසා ආසාදිතයන් ආයුර්වේද රෝහල් වෙත යොමුවීමට ප්රවනතාවක් මතු විය හැකි බවද එසේ වුවහොත් එම ක්ෂේත්රයේ කාර්ය මණ්ඩලද අනතුරකට නිරාවරණය විය හැකි බවත්, ආයුර්වේද වෛද්‍ය සභාව මේ පිළිබඳව ප්‍රකාශයක් කලයුතු බවත් ඔහු පැවසීය. වෛද්‍ය පාදෙණියගේ මෙම ප්රාකාශය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තුල මෙන්ම වෛද්‍ය සභාව තුලද විරෝධයක් මතුව ඇතැයිද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Lanka Views
