පාස්කු දින ප්‍රහාරයේ වගකීමෙන් මෛත්‍රීට මිදෙන්න බෑ – කොළඹ අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක කැමිලස් ප්‍රනාන්දු පියතුමා

පාස්කු දා ප්‍රහාරය සිදු වන අවස්ථාවේ සේනාධිනායකයාව සිටි හිටපු ජනාධිපතිවරයාට එහි වගකීමෙන් මිදිය නොහැකි බව කොළඹ අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක කැමිලස් ප්‍රනාන්දු පියතුමා ඊයේ (19) ප්‍රකාශ කළහ. ඒ වකවානුවේදී ආරක්ෂක අංශවල පසුබෑමක් සිදුව ඇති බවත්, පොලිසියේ හා ආරක්ෂක අංශවල ප්‍රධානියාව සිටි හිටපු ජනාධිපතිවරයා වෙත මෙයට යම්කිසි වගකීමක් පැවරෙන බවත් ප්‍රනාන්දු පියතුමා පෙන්වා දුන්හ. ජනාධිපතිවරයා හා…

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගැන බොරු කියන්නෙ ඇයි ? – JICA ආයතනය ආණ්ඩුවෙන් අසයි

කොළඹ නගරයේ පවතින වාහන තදබදය අවම කිරීමේ අරමුණින් ඉදිකිරීමට යෝජිතව තිබූ සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය සම්බන්ධයෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) ශ්‍රී ලංකා රජයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා මුල්‍යාධාර සැපයීමට එකඟතාවය පළකර තිබුණේ ජයිකා ආයතනයයි. අදාල ව්‍යාපෘතිය සඳහා ජයිකා ආයතනයෙන් මුල්‍යාධාර ලබා නොගැනීමට තීරණය කර ඇති බව පසුගියදා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්…

සිංගප්පූරුවේ කඩසාප්පු-අවන්හල් විවෘත කෙරේ

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කරමින් කඩසාප්පු සහ අවන්හල් විවෘත කිරීමට සිංගප්පූරුව අද (19) පියවර ගත්තේය. නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පැනවූ දැඩි සීමා ලිහිල් කළ ද එයින් උද්දාමයට පත් නොවිය යුතු යැයි ද මෙතෙක් පවත්වාගෙන පැමිණි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සහ ක්‍රියාමාර්ග තවදුරටත් පවත්වාගෙන යන්නැයි…

බැඳුම්කර කොමිසම් වාර්තාවේ හිටපු අගමැති රනිල්ට කිසිදු චෝදනාවක් නෑ – එජාප නායක කාර්යාලය කියයි

2015 වසරේ දී සිදු වූ බව පැවසෙන ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් නිකුත් කළ වාර්තාව මගින් හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු චෝදනාවක් එල්ල වූයේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි. වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දැරූ සමයේ දී එම…

මෙරට කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1947 දක්වා ඉහළට

මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 1947 දක්වා ඉහල ගොස් තිබේ.   ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 23 දෙනකු හඳුනා ගැනුණු අතර ඉන් 18 දෙනෙකුම ඩුබායි සිට පැමිණ නිරෝධායනය ලක්වන අය වේ.   ඊට අමතරව කටාරයෙන් පැමිණි දෙදෙනෙකු, රුසියාවෙන් පැමිණි අයෙකු සහ එක්සත් රාජධානියෙන් පැමිණි අයෙකු ද කොරෝනා ආසාදිතයින් ලෙස ඊයේ හඳුනා ගෙන ඇත.  

මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 1924 දක්වා ඉහළට

අද (17) දිනය තුළ කොවිඩ් 19 ආසාදිතයින් 9 දෙනෙකු අලුතින් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 1924 දක්වා ඉහළ ගොස් ඇත. අද වාර්තා වූ ආසාදිතයින්ගෙන් 7 දෙනෙකුම විදේශයන්ගේ සිට පැමිණි අයයි. අද හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 9 දෙනාගෙන් 05 දෙනෙකුම චෙන්නායි සිට පැමිණි අයයි. ශ්‍රී ලාංකිකයින් 53 දෙනෙකු චෙන්නායි සිට අද අලුයම දිවයිනට පැමිණි අතර ගුවන්…

මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙයි ? ජනපතිගේ ඉල්ලීමට ක්ෂණික ප්‍රතිචාර !

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මහ බැංකුවේ ඉහළ නිළධාරීන් සහ ජනාධිපතිවරයා අතර ඊයේ (16) පැවති සාකච්ඡාවේදී මහ බැංකුවේ වත්මන් ක්‍රියාකලාපය ජනාධිපතිවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක්විය. ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ රටේ ආර්ථිකය කඩා වැටෙද්දී මහ බැංකුවේ බළධාරීන් නිදා…

ලංකා කම්කරු කොන්ග්‍රස් නායකත්වයට ජීවන් තොන්ඩමන් පත්වෙයි

ආරුමුගම් තොන්ඩමන් මහතා නායකත්වය දැරූ ලංකා කම්කරු කොන්ග්‍රස් පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරයට ජීවන් තොන්ඩමන් මහතා පත්කර ගැනීම අද සිදු වූ බව එම පක්ෂය නිවේදනය කරයි. අද පැවති විධායක සභා රැස්වීමක දී මෙම පත්කර ගැනීම සිදුකොට තිබේ. 26 වැනි වියේ පසුවන ජීවන් තොන්ඩමන් මහතා ආරුමුගම් තොන්ඩමන් මහතා ගේ පුත්‍රයා ය.

20 දා සිට කටුනායකින් එමිරේට්ස් ගුවන් ගමන් අරඹයි

මෙම විසි වනදා සිට කටුනායක ගුවන් තොටුපලින් විදෙස් ගුවන් ගමන් ඇරඹීමට එමිරේට්ස් ගුවන් සේවය කටයුතු යොදා ඇත. මෙරටට ඇතුළුවන මගීන් සඳහා රජය ගුවන්තොටුපල විවෘත කර නැති බැවින් මෙරටින් පිටව යන මගීන් සඳහා සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා මෙම ගුවන් සේවා මුල් කාලයේ දී ක්‍රියාත්මක වනු ඇත. මේ වනවිටත් එමිරේට්ස් සමාගම ඩුබායි සිට ආසියාවේ යුරෝපයේ සහ උතුරු…

කොවිඩ් 19 ආසාදිතයින් 10ක් අද ; 6ක් නාවික හමුදාවේ ; එකතුව 1915 යි

කොවිඩ් 19 ආසාදිතයින් 10ක් අද හවස් වනවිට අලුතින්  හඳුනාගෙන තිබිණි. ඒ අතරින් 6ක් ම නාවික හමුදා භටයෝ වෙති. මෙරටින් හමු වූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1915ක් දක්වා ඉහල ගොස් ඇත.

සජිත් පිල තව දෙදරයි ; මනෝ ගනේෂන් වෙන්ව යයි

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි බල වේගයෙන් මහා මැතිවරණයට නාම යෝජනා භාර දී සිටින මනෝ ගනේෂන් මහතාගේ ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ සන්ධානයෙන් ඉවත්ව තම මැතිවරණ සටන වෙනම කරගෙන යාමට තීරණය කොට ඇත. ඒ අනුව මේ වනවිටත් ඔවුන්ගේ මැතිවරණ කටයුතු වෙනම කරගෙන යාම ආරම්භ කොට ඇති බව වාර්තා වෙයි. මනෝ ගනේෂන් මහතා සජිත්ගේ නායකත්වයෙන් පෙරමුණක් ගොඩනැගීම…

MCC ගිවිසුම පිළිබඳ ඡන්දෙන් පසු සලකා බලන්න ජනපතිගේ තීරණයට ඇමරිකාව සතුට පල කරයි…

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම පිළිබඳව සලකා බැලීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගත් තීන්දුවට එක්සත් ජනපදය සිය සතුට පල කර තිබේ. එක්සත් ජනපද තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් එක්සත් ජනපදය වෙනුවෙන් ඒ බව සඳහන් කර ඇත. ඇය පවසන්නේ එළඹෙන අගෝස්තුවේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු MCC ගිවිසුම පිළිබඳව සලකා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති…