මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 1924 දක්වා ඉහළට

අද (17) දිනය තුළ කොවිඩ් 19 ආසාදිතයින් 9 දෙනෙකු අලුතින් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 1924 දක්වා ඉහළ ගොස් ඇත.

අද වාර්තා වූ ආසාදිතයින්ගෙන් 7 දෙනෙකුම විදේශයන්ගේ සිට පැමිණි අයයි.

අද හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 9 දෙනාගෙන් 05 දෙනෙකුම චෙන්නායි සිට පැමිණි අයයි.

ශ්‍රී ලාංකිකයින් 53 දෙනෙකු චෙන්නායි සිට අද අලුයම දිවයිනට පැමිණි අතර ගුවන් තොටුපොළේදී සිදුකළ PCR පරීක්ෂාවේදී එම ආසාදිතයින් 5 දෙනා හඳුනාගෙන තිබේ.

බංග්ලාදේශයේ සිට පැමිණ රන්ටැඹේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි දෙදෙනෙකුද ආසාදිතයින් ලෙස අද හඳුනා ගැනුණි.

සෙසු ආසාදිත දෙදෙනා නාවික හමුදා සාමාජිකයින් වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *