20 දා සිට කටුනායකින් එමිරේට්ස් ගුවන් ගමන් අරඹයි

මෙම විසි වනදා සිට කටුනායක ගුවන් තොටුපලින් විදෙස් ගුවන් ගමන් ඇරඹීමට එමිරේට්ස් ගුවන් සේවය කටයුතු යොදා ඇත.
මෙරටට ඇතුළුවන මගීන් සඳහා රජය ගුවන්තොටුපල විවෘත කර නැති බැවින් මෙරටින් පිටව යන මගීන් සඳහා සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා මෙම ගුවන් සේවා මුල් කාලයේ දී ක්‍රියාත්මක වනු ඇත.
මේ වනවිටත් එමිරේට්ස් සමාගම ඩුබායි සිට ආසියාවේ යුරෝපයේ සහ උතුරු අමෙකිකාවේ ස්ථාන තිහකට ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි. එමෙන් ම භාන්දප්‍රවාහන ගුවන් යාන මගින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය ද එම සමාගම මගින් සිදුකරනු ලබයි.
