සජිත් පිල තව දෙදරයි ; මනෝ ගනේෂන් වෙන්ව යයි

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි බල වේගයෙන් මහා මැතිවරණයට නාම යෝජනා භාර දී සිටින මනෝ ගනේෂන් මහතාගේ ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ සන්ධානයෙන් ඉවත්ව තම මැතිවරණ සටන වෙනම කරගෙන යාමට තීරණය කොට ඇත.

ඒ අනුව මේ වනවිටත් ඔවුන්ගේ මැතිවරණ කටයුතු වෙනම කරගෙන යාම ආරම්භ කොට ඇති බව වාර්තා වෙයි.

මනෝ ගනේෂන් මහතා සජිත්ගේ නායකත්වයෙන් පෙරමුණක් ගොඩනැගීම සඳහා මුල සිට ම දැඩි ලෙස පෙනී සිටියෙකි.

මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී සුජීව සේරසිංහ මහතා කීවේ දේශපාලන පෙරමුණුවල මෙබඳු ගැටුම් ඇතිවීම සාමාන්‍ය දෙයක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *