මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙයි ? ජනපතිගේ ඉල්ලීමට ක්ෂණික ප්‍රතිචාර !
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මහ බැංකුවේ ඉහළ නිළධාරීන් සහ ජනාධිපතිවරයා අතර ඊයේ (16) පැවති සාකච්ඡාවේදී මහ බැංකුවේ වත්මන් ක්‍රියාකලාපය ජනාධිපතිවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක්විය.

ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ රටේ ආර්ථිකය කඩා වැටෙද්දී මහ බැංකුවේ බළධාරීන් නිදා සිටින බවයි. රජයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබාදිය නොහැකි නම් වහාම ඉවත්ව යන ලෙස ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.
ඊට ප්‍රතිචාර දක්වමින් ලක්ෂ්මන් මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හේතුවෙන් ඔහු දැඩි කළකිරීමෙන් පසුවන බව මහ බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙරට කීර්තිමත් ආර්ථික විද්‍යඥයෙකු වන ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පසුගිය වසරේ දෙසැම්බර් 24 වැනිදා, මෙරට 15 වැනි මහ බැංකු අධිපතිවරයා වශයෙන් වැඩභාර ගත්තේය.
මේ අතර මහ බැංකු අධිපතිවරයා අද මෙරට බැංකු ඇතුළු මුල්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා ප්‍රකාශ කර ඇත්තේ ව්‍යාපාරිකයන් සඳහා උපරිම එක් ආයතනයකට මිලියන 25 කට සීමා වන පරිදි ණය නිකුත් කරන ලෙසයි. ඒ අනුව අද දිනයේදී පමණක් ලංකා බැංකුව විසින් රුපියල් බිලියන 08 කට ආසන්න ප්‍රමාණයක් ණය ලෙස මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.
LANKANEWSWEB
