ගෙනා පොල් තෙල් වැඩි මිලට විකුණු පසු ෆාම් තෙල් තහනම ඉවතට ?

සමාගම් කිහිපයක් විසින් දැනට රට තුළ ට ගෙන්වා ඇති පොල් තෙල් තොග අවුරුදු සමයේ වැඩි මිලට විකුනාගත් පසුව ෆාම් තෙල් ගෙන්වීම තහනම් කිරීමේ ගැසට් පත්‍රය රජය විසින් ඉවත්කර ගනු ඇතැයි විපක්ෂයේ ප්‍රබලයකු “යුක්තිය ” ට ප්‍රකාශ කළේ ය. මෙම ගැසට් නිවේදනය ගැන තමන්ට ද වෙනස් මත ඇති බවට සහ එය සංශෝධනය විය හැකි බවට කැබිනට්…

ෆාම් තෙල් ආනයන තහනමෙන් මාජරින් අපනයනයත් හාන්සියි !

ෆාම් තෙල් ආනයනය තහනම් කරමින් ආණ්ඩුව නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මෙරටට ෆාම් තෙල් ගෙන්වීම නතර කිරීමෙන් එම තෙල් යොදාගෙන මාජරින් නිපදවා  අපනයනය කිරීමේ දේශීය කර්මාන්තය සම්පුර්ණයෙන් කඩා වැටෙන බව හෙළිදරවු වෙයි. මෙබඳු කර්මාන්ත ශාලා පනහකට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති අතර එම කර්මාන්ත ශාලා මගින්  දහස් ගණනකට රැකියා සපයා ඇති…

එක එක්කෙනා කියන කියන දේ කරන්න බලයක් අපට නෑ – ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

එක එක කණ්ඩායම් ඉල්ලා සිටින ආකාරයට හිතුමතේ තීරණ ගෙන ක්‍රියාත්මක වීමේ බලයක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට නැති බවත් , තමන් වැඩ කරන්නේ නීතියෙන් ලබා දී තිබෙන බල සීමාව තුල බවත් , ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිවේදනයක් නිකුත කරමින් කියයි. එම නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි. ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ග කිහිපයක්…

ෆාම් ඔයිල් ගැසට් එක ගැන අපටත් වෙනස් මත තියෙනවා – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමති කෙහෙළිය රඹුක්වැල්ල

ෆාම් ඔයිල් ගෙන්වීම වහා ම තහනම් කරමින් ජනාධිපතිතුමාගේ උපදෙසින් නිකුත් කළ ගැසට් නිවේදනය ගැන තමන්ට ද වෙනත් මත ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද ප්‍රකාශ කළේ ය. එම ගැසට් නිවේදනය සංශෝධනව විය හැකි බව ඇමතිවරයා ප්‍රකාශ කළේ අද පැවතී කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි. දැනටමත් වෙළෙඳ පොලේ පොල්තෙල් මිල ඉහළ ගොස්…

ෆාම් ඔයිල් තහනම ලෙඩක් – පාන් රුපියල් දහයකින් ,කේක් සීයකින් නගීවි – බේකරි හිමියන්ගේ සංගමය

  ෆාම් ඔයිල් ගෙන්වීම තහනම් කරමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කළහොත් පාන් ගෙඩිය රුපියල් දහයකින් පමණ ද, කේක් කිලෝව රුපියල් සීයකින් ද, ඉහළ යා හැකි බවත් ,අනෙක් බේකරි නිෂ්පාදනවල ද මිල අධික ලෙස ඉහළ දැමීමට සිදුවන බවත් බේකරි හිමියන්ගේ සංගමය අද මාධ්‍ය සාකච්චාවක් කැඳවා ප්‍රකාශ කළේය. මෙයින් උදාවන්නේ බේකරි කර්මාන්තය වසා දැමීමට සිදුවන…

චීනයෙන් එක ඩොලරයක් වත් ලැබී නැහැ – ආචාර්ය හර්ෂ ද සිල්වා

ඩොලර් බිලියන 1.5 ක ණයක් චීනයෙන් අපට ලැබී ඇතැයි ආණ්ඩුව කියතත් , ඇමෙරිකානු ඩොලර් එකාක් වත් චීනයේ ලැබී නැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි. චීනයෙන් ලැබී ඇත්තේ චීන මුදලින් බිලියනයක් පමණක් බවත් , එම මුදලින් අමෙරිකාවෙන් ලබාගෙන ඇති ඩොලර් බිලියනය ගෙවිය නොහැකි බවත් ඒ මහතා කියයි. රජය විවිධ…

පොල්තෙල් ජාවාරමට තව තල්ලුවක් ! ෆාම් ඔයිල් ආනයනය තහනම් !

ෆාම් ඔයිල් ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට රජය තීරණය කොට ඇත. ඒ සඳහා වන ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කිරීමට නියමිත ය. දේශීය ඔයිල් ෆාම් වගා ද ක්‍රමානුකුල ලෙස ඉවත් කරන බව රජය කියයි. මෙය දැනටමත් ප්‍රශ්නයට ලක් වී ඇති පොල් තෙල් ජාවාරමට තවත් තල්ලුවක් වනු ඇතැයි නිරීක්ෂකයෝ කියති.

රුපියල වැටුණේ ගිය ආණ්ඩුව මුදල් ඉතිරිකර නොතිබුණු නිසා – මුදල් රාජ්‍ය ඇමති කබ්රාල්

රුපියල අවප්‍රමාණ වීමට හේතුව පසුගිය ආණ්ඩුව ප්‍රමාණවත් විදේශ සංචිත ඉතිරි කර නොතිබීම බව මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි. 2014 වනවිට ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 8.2 ක් විදේශ සංචිත තිබු බවත් ,2019 දී එය ඩොලර් බිලියන 15 ක්ව තිබෙනු ඇතැයි තමන් අපේක්ෂා  කළ බවත් , එසේ වුව ද , ඒ වනවිට තිබුණේ…

හිටපු ජනපති මෛත්‍රී ගැන කාදිනල් හිමිගෙන් සැර ප්‍රකාශයක්

පාස්කු කොමිෂන් සභා වාර්තාවෙන් වරදකරුවෙකු ලෙස සඳහන්කර සිටින හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලීමක් කරයි. එම වාර්තාව හැකි ඉක්මනින් ක්‍රියාවට නංවන ලෙස කාදිනල් හිමිපාණන් එහිදී පෙන්වා දුනි. පාස්කු ඉරුදින දේවමෙහෙය අද (04) උදෑසන කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පැවැත්විය. ඒ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල්…

බක්මහ සිදු වූ සෙල්ලම් විප්ලවය – නිශාන්ත කමලදාස

හැත්තෑ එකේ (1971) අප්‍රේල් කැරැල්ලේ අර්ධ ශත සංවත්සරය තව දින කීපයකින් උත්සවාකාරයෙන් පැවැත්වීමට නියමිත ය. දැනටමත් ඒ කැරැල්ලට අයිතිය කියන ඇතැම් පාර්ශව අනෙක් පාර්ශවයේ පෝස්ටර් වැසී යන ලෙස පෝස්ටර් ගැසීමේ නිරත ව සිටිති. අවසානයේ දී ගාම්භීරව සරසනු ලබන වේදිකා කීපයක ම එම වේදිකා දෙදරවමින් අභිමානයෙන් බක්මහ විරුවන් සැමරෙනු ඇත. කැරැල්ලේ අයිතියට ඔවුන් ඒ වේදිකා මත්තේ…

ආණ්ඩුව රාජ්‍ය ආයතන හරහා ණය ගැනීම අරඹයි ! ලංවීමට කොටි දෙසීයක් ගන්න අනුමැතිය

මහජනයාට රුපියල් කොටි දෙසීයක බැඳුම්කර නිකුත්කර ණය ලබාගැනීමට ලංකා විදුලි බල මණ්ඩලයට රජය අවසර දී තිබේ. වසර පහක් සඳහා වූ බැඳුම්කර මහජනයාට විකිණීමෙන් මෙම ණය ලබා ගැනීමට යන්නේ කොළඹ කොටස් වෙළෙඳපොල හරහා ය. ඒ සඳහා ගෙවන පොලිය සියයට 9.35 ක් ලෙස නියම කොට තිබේ. රාජ්‍ය ආයතනවල මුදල් අවශ්‍යතා සඳහා එම ආයතන බැඳුම්කර නිකුත්කිරීම සාමාන්‍යයෙන් සිදු…

රුපියලේ වැටීම නවතන්න බැරි වෙයි. ඩොලරය රුපියල් 202 ත් පනී

ශ්‍රී ලංකා රුපියල අව ප්‍රමාණ වීම තවදුරටත් සිදුවෙමින් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේ රුපියල් 202 ඉක්මවා ඉහළ ගියේ ය. ශ්‍රී ලංකා මහා බැංකුව අද නිකුත් කළ සංඛ්‍යා ලේඛන අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වුයේ රුපියල් 202.04 ක් වශයෙනි. වාණිජ බැංකු ඩොලරයක් රුපියල් 204 , 205 වැනි මිල ගණන්වලට අලෙවි කළ බව වෙළෙඳපොල ආරංචි…