රුපියල වැටුණේ ගිය ආණ්ඩුව මුදල් ඉතිරිකර නොතිබුණු නිසා – මුදල් රාජ්‍ය ඇමති කබ්රාල්

රුපියල අවප්‍රමාණ වීමට හේතුව පසුගිය ආණ්ඩුව ප්‍රමාණවත් විදේශ සංචිත ඉතිරි කර නොතිබීම බව මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි.

2014 වනවිට ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 8.2 ක් විදේශ සංචිත තිබු බවත් ,2019 දී එය ඩොලර් බිලියන 15 ක්ව තිබෙනු ඇතැයි තමන් අපේක්ෂා  කළ බවත් , එසේ වුව ද , ඒ වනවිට තිබුණේ ඩොලර් බිලියන 7.4 ක විදේශ සංචිත බවත් ,කබ්රාල් මහතා කියයි. ඒ මහතා කියන්නේ එලෙස බසුගිය ආණ්ඩුව විදේශ සංචිත ගොඩනගා නොතිබීම දැන් ඩොලරය ඉදිරියේ රුපියල වේගයෙන් අවප්‍රමාණ වීමට හේතු වී ඇති බවයි.

පසුගිය සිකුරාදා  මාධ්‍ය වෙත මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

රුපියලේ මෙම පහතවැටීම තාවකාලික බවත් එය ඩොලරයට රුපියල් 200 ක සීමාවේ තබාගැනීමට රජයට හැකිවී ඇති බවත් කි ඒ මහතා ඉදිරියේ රුපියල ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් කීය .

මහ බැංකු සංඛ්‍යා ලේඛන අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත පවතින්නේ ඩොලර් බිලියන 4.2 ක මට්ටමේ ය.

එවකට රුපියලේ අව ප්‍රමාණ වීම තාවකාලික බවත් ,ජනවාරි වනවිට ඩොලරය රුපියල් 185 මට්ටමේ ස්ථාවර වනු ඇති බවත් ,කබ්රාල් මහතා  පසුගිය දෙසැම්බරයේ දී ප්‍රකාශ කළ ද එම බලාපොරොත්තු ඉටු වුයේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *