ෆාම් ඔයිල් ගැසට් එක ගැන අපටත් වෙනස් මත තියෙනවා – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමති කෙහෙළිය රඹුක්වැල්ල

ෆාම් ඔයිල් ගෙන්වීම වහා ම තහනම් කරමින් ජනාධිපතිතුමාගේ උපදෙසින් නිකුත් කළ ගැසට් නිවේදනය ගැන තමන්ට ද වෙනත් මත ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද ප්‍රකාශ කළේ ය. එම ගැසට් නිවේදනය සංශෝධනව විය හැකි බව ඇමතිවරයා ප්‍රකාශ කළේ අද පැවතී කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
දැනටමත් වෙළෙඳ පොලේ පොල්තෙල් මිල ඉහළ ගොස් තිබිය දී ෆාම් ඔයිල් ගෙන්වීම නතර කළ හොත් තෙල් හිගවීම සහ මිල අධික ලෙස ඉහළ යාමට ඇති ඉඩ පිළිබඳව මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඇමතිවරයා මේ බව පැවසීය
මේ අතර ඉහත ගැසට් නිවේදනයෙන් කටු පොල් වගාව ද ඉවත් කිරීමට නියම කොට තිබීමත් සමග කොළඹ කොටස් වෙළෙඳපොලේ වතු සමාගම් ගණනාවක කොටස් මිල පහත වැටුණු බව ද වාර්තා වී ය.
