ෆාම් ඔයිල් තහනම ලෙඩක් – පාන් රුපියල් දහයකින් ,කේක් සීයකින් නගීවි – බේකරි හිමියන්ගේ සංගමය
ෆාම් ඔයිල් ගෙන්වීම තහනම් කරමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කළහොත් පාන් ගෙඩිය රුපියල් දහයකින් පමණ ද, කේක් කිලෝව රුපියල් සීයකින් ද, ඉහළ යා හැකි බවත් ,අනෙක් බේකරි නිෂ්පාදනවල ද මිල අධික ලෙස ඉහළ දැමීමට සිදුවන බවත් බේකරි හිමියන්ගේ සංගමය අද මාධ්‍ය සාකච්චාවක් කැඳවා ප්‍රකාශ කළේය.
මෙයින් උදාවන්නේ බේකරි කර්මාන්තය වසා දැමීමට සිදුවන තත්ත්වයක් බව එම සංගමය කියයි.
බේකරි කර්මාන්තයේ දැන් යොදාගන්නේ ෆාම් ඔයිල්වලින් නිෂ්පාදනය කරන මාජරින් බවත් ,දිනකට මාජරින් ටොන් පන් දහසක් අවශ්‍ය බවත් කියන එම සංගමය තහනම නිසා අහිමි වන එම සැපයුම ලබා ගැනීමට කිසිදු ක්‍රමයක් නැති බව පෙන්වා දුන්නේ ය.
