චීනයෙන් එක ඩොලරයක් වත් ලැබී නැහැ – ආචාර්ය හර්ෂ ද සිල්වා

ඩොලර් බිලියන 1.5 ක ණයක් චීනයෙන් අපට ලැබී ඇතැයි ආණ්ඩුව කියතත් , ඇමෙරිකානු ඩොලර් එකාක් වත් චීනයේ ලැබී නැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි.

චීනයෙන් ලැබී ඇත්තේ චීන මුදලින් බිලියනයක් පමණක් බවත් , එම මුදලින් අමෙරිකාවෙන් ලබාගෙන ඇති ඩොලර් බිලියනය ගෙවිය නොහැකි බවත් ඒ මහතා කියයි.

රජය විවිධ ආකාරයෙන් ලබාගත් ණය ඩොලර් බිලියන එකොළහක් මේ වසරේ ගෙවීමට ඇති බවත් , මේ වනවිට රජය සතුව ඇත්තේ ඩොලර් බිලියන 4.5 ක් සංචිත ප්‍රමාණයක් බවතේ මහතා පෙන්වා දෙයි.

කිසිදු අර්බුදයක් නැතැයි ආණ්ඩුව කියතත් , රට විශාල මුල්‍ය අර්බුදයකට ගමන් කරමින් ඇති බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *