ආණ්ඩුව රාජ්‍ය ආයතන හරහා ණය ගැනීම අරඹයි ! ලංවීමට කොටි දෙසීයක් ගන්න අනුමැතිය

මහජනයාට රුපියල් කොටි දෙසීයක බැඳුම්කර නිකුත්කර ණය ලබාගැනීමට ලංකා විදුලි බල මණ්ඩලයට රජය අවසර දී තිබේ.

වසර පහක් සඳහා වූ බැඳුම්කර මහජනයාට විකිණීමෙන් මෙම ණය ලබා ගැනීමට යන්නේ කොළඹ කොටස් වෙළෙඳපොල හරහා ය. ඒ සඳහා ගෙවන පොලිය සියයට 9.35 ක් ලෙස නියම කොට තිබේ.

රාජ්‍ය ආයතනවල මුදල් අවශ්‍යතා සඳහා එම ආයතන බැඳුම්කර නිකුත්කිරීම සාමාන්‍යයෙන් සිදු නොවන අතර එම මුදල් ණයට ගැනීම සිදුකරනු ලබන්නේ මහ බැංකුව මගින් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මහජනයාට නිකුත් කිරීමෙනි.

එසේ වුව ද, මහ බැංකුව පසුගිය කාලයේ කළ බිල්පත් සහ බැඳුම්කර නිකුතු දිගින් දිගට අසාර්ථක වී ය. ඒවාට ඉදිරිපත් කළ බැදුම්කරවලින් සියයට  හැත්තෑවක් තරම  ප්‍රමාණයක් විකුනාගත් නොහැකිව ඉතිරි වී ය.

අවසන් වරට පසුගිය මාර්තු 29 දා පැවති භාණ්ඩාගාර බිල්පත් නිකුතුවට රුපියල් මිලියන 4500 ක් වටිනා  බිල්පත් ඉදිරිපත් කොට තිබුන ද ,එයින් විකුණාගත හැකි වුයේ මිලියන 10,264 කි. එනම් සියයට විස්සක් තරම ප්‍රමාණයකි. සියයට අසූවකට ආසන්න ප්‍රමාණයක් විකුණාගත නොහැකි වී ය.

මෙලෙස ණය ගැනීම් අසාර්ථක වූ විට මහ බැංකුව දිගින් දිගට කළේ මුදල් අච්චු ගැසීම යි. එය රුපියලේ අගය බිඳ වැටීමට ද හේතු වූ බව කියති.

සාමාන්‍යයෙන් කුමන හෝ ආයතනයක් ණය ලබාගත යුත්තේ සංවර්ධන කටයුතු සඳහා ය. ලංකා විදුලිබල මණ්ඩලය ණය ගැනීමට යන්නේ එදිනෙදා වියදම් පියවා ගැනීමට ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *