රන්ජන් නිදහස් කරන ලේඛන නීතිපතිගේ නිර්දේශයට

  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සඳහා අවශ්‍ය සියලු ලිපි ලේඛන සකස් කොට නීතිපතිවරයාගේ නිර්දේශය සඳහා ඉදිරිපත් කොට ඇති බව හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා කියයි. නීතිපතිවරයාගේ නිර්දේශය ලැබුණු වහාම ජනාධිපති සමාව යටතේ ඒ මහතාට නිදහස ලබා දීමට කටයුතු කරනු ඇති කියති. එම කටයුතු ඉදිරි කෙටි කාලයක දී සිදුවනු ඇති බව ඇමති හරීන් ප්‍රනාන්දු…

ආචාර්ය හර්ෂ ද සිල්වා , සජිත්ට එරෙහි වෙයි ; සර්ව පාක්ෂික ආණ්ඩුවකට පක්ෂ බව කියයි

තම පක්ෂය සර්ව පාක්ෂික ආණ්ඩුවකට කිසිසේත් සම්බන්ධ නොවන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නැවත නැවත ප්‍රකාශ කළ ද, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කොට ඇත්තේ, සර්ව පාක්ෂික ආණ්ඩුවක් අවශ්‍ය බවට තමන් දිගින් දිගට තර්ක කළ බව යි. වත්මන් ආණ්ඩුවේ ඇමති ධුරයක් භාර ගැනීමට තමන් කිසිදු සාකච්ඡාවක් කර…

ජනාධිපති කාර්යාලය මුදාගැනීමේ නියෝගය රනිල්ගෙන් ; මෙහෙයුම ශවේන්ද්‍රගෙන්

  පසුගිය සිකුරාදා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය මුදාගන්නා  ලෙස නියෝග කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත්, ඒ අනුව එම මුදාගැනීමේ සැලසුම සකස් කොට ක්‍රියාත්මක කළේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවෙන්න්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ගොඩනග ඇති, පොලිස්පති සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ප්‍රමුඛ කමිටුවෙන් බවත්, දේශපාලන ආරංචි මාර්ග කියයි. පසුගිය බ්‍රහස්පතින්දා (21) අනුප්‍රාප්තික ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු…

මෙි අරගල කරුවන් නොවේ අරාජිකකරුවන් – ජානිපෙ නායක විමල් වීරවංශ

    දැන් ඉන්නේ අරගල කරුවන් නොව අරාජික කරුවන් බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය. මෙහි තිබෙන්නේ රාජ්‍ය බිඳ වැට්ටවීමෙි කුමන්ත්‍රණයක් යැයිද ඊට ඉඩ දෙන්න බැරි යැයිද කී වීරවංශ මහතා තමාට රනිල්ගෙන් ඇමතිකම් අවශ්‍ය නැති නමුත් “මට මගේ රාජ්‍ය ඕනෑ” යැයි පැවසීය. ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ සාධාරණ ආවේගයට ගරහන්නේ  නැති…

ඇමරිකා තානාපතිනිය ජනපති හමු වී සුබ පතයි

  ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද (27) සිදු වූ බව වාර්තා වෙයි. ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳව ඇමෙරිකා තානාපතිනිය එහි දී රනිල් වික්‍රමසිංහ මහතා වෙත තම රටේ සුභ පැතුම් පළ කර ඇති අතර දෙරට අතර  ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද…

හදිසි නීතිය වැඩි ඡන්ද 57 කින් සම්මතයි ; පක්ෂව 120 යි ; විපක්ෂව 63 යි

  වැඩබලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයට පත් කළ හදිසි අවස්ථා නියෝග වැඩි ඡන්ද 57 ක් ලබා ගනිමින් අද පාර්ලිමේන්තුවේ දී සම්මත වී ය. හදිසි නීතියට පක්ෂව ඡන්ද 120 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 63 ක් පමණකි. පොදුජන පෙරමුණේ ඩලස් කණ්ඩායමේ මන්ත්‍රීවරුන් හදිසි නීතියට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර විපක්ෂයේ පිරිසක් ඡන්දය මගහැර…

ස්වාධින කණ්ඩායමේ සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේ සභානායක ධුරයට

  ශ්‍රී ලනක පොදුජන පෙරමුණු ආණ්ඩුවේ සිට ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයකු වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ සභානායක ලෙස පත්කරනු ලැබ ඇත. සභානායක ලෙස කටයුතු කරමින් සිටි දිනේෂ් ගුණවර්ධන මහතා අගමැති තනතුරට පත්වීම නිසා පුරප්පාඩු වූ  සභානායක තනතුර සුසිල් ප්‍රේමජයන්ත මහතාට හිමිව තිබේ. ඒ මහතා ගෝටාභය රාජපක්ෂ මහතාගේ පාලනය ප්‍රසිද්ධියේ විවේචනය කළ අයෙකි.

හදිසි නීති ඡන්දයෙන් ආණ්ඩුව පැරදවීමේ සජබ උත්සාහය වරදියි ; ස්වාධින පක්ෂ ආණ්ඩුව සමග !

  හදිසි නීතිය සම්මත කිරීම සඳහා අද පාර්ලිමේන්තුවේ පවත්වන ඡන්ද විමසීමේ දී විපක්ෂයේ සියලු කණ්ඩායම් සහ ආණ්ඩුවේ ඩලස් පිල එක්සත් කර ආණ්ඩුව පැරදවීමට සමගි ජන බලවේගය දැරූ උත්සාහය ස්වාධින පක්ෂ හදිසි නීතියට පක්ෂ වීමට තීරණය කිරීමත් සමග අසාර්ථක වන ලකුණු පහල වී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි. හදිසි නීතියට විරුද්ධව ඡන්දය දීමට සමගි ජන…

එජාප මන්ත්‍රී ධුරයේ වජිර දිව්රුම් දෙයි

  රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති තනතුරට පත්වීම නිසා හිස් වූ එක්සත් ජාතික පක්ෂ ජාතික කිස්තු මන්ත්‍රී ධුරයෙහි එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා අද දිව්රුම් දුන්නේ ය. පාර්ලිමේන්තුව අද උදේ 10.00 රැස් වූ අවස්ථාවේ ප්‍රථම කාර්යය ලෙස මෙම දිව්රුම් දීම සිදුකරනු ලැබී ය.

රටෙි නායකත්වය දිය යුතු පළපුරුදු ම නායකයා රනිල් – ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමය

  ශ්‍රී ලංකාවෙි නායකත්වය බාරදිය යුතු  පළපුරුදුම දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බව ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමය(International Democratic Union) සඳහන් කරයි. ජනපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේ සිදු වූ වැරදි කළමනාකරණය සහ රාජපක්ෂ පවුලේ දූෂණය රට කඩා වැටෙන තත්ත්වයකට ගෙන ගොස් ඇති බවයි. ජනාධිපති…

ජනාධිපති කාර්යාලය මුදාගැනීම ගැන පාර්ලිමේන්තු විවාදය අනිද්දා (27 )

කොළඹ කොටුවේ ජනාධිපති කාර්යාලය මුදාගැනීම සඳහා කළ පොලිස් මෙහෙයුම සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලා සිටි විවාදය අනිද්දා ( 27 බදාදා ) ලබාදීමට ආණ්ඩුව තීරණය කොට ඇත. පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේ ම එම විවාදය ලබාදුන් බව රජය කියයි. පාර්ලිමේන්තුවේ යොදාගෙන ඇති අනෙක් කටයුතු පසුවට කල් තබා තිබේ. හදිසි නීති විවාදය සඳහා ද ඉදිරි දිනෙක කාලය වෙන් කිරීමට නියමිත…

රනිල්ට විපක්ෂයෙන් ඡන්ද 33 ක්

  අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තේරීම සඳහා පාර්ලිමේන්තුවේ පවතී ඡන්ද විමසීමේ දී ජයග්‍රාහී අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 33 දෙනෙකුගේ ඡන්ද ලබාගෙන ඇති බව ගණන බලා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි. ඒ මහතාට ආණ්ඩු පක්ෂයෙන් ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව ගණන් බලා ඇත්තේ 101 ක් වශයෙනි. රනිල් වික්‍රමසිංහ මහතා ලබාගත් සමස්ත ඡන්ද ප්‍රමාණය 134 කි. ප්‍රතිවාදී ඩලස්…