ජනාධිපති කාර්යාලය මුදාගැනීම ගැන පාර්ලිමේන්තු විවාදය අනිද්දා (27 )

කොළඹ කොටුවේ ජනාධිපති කාර්යාලය මුදාගැනීම සඳහා කළ පොලිස් මෙහෙයුම සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලා සිටි විවාදය අනිද්දා ( 27 බදාදා ) ලබාදීමට ආණ්ඩුව තීරණය කොට ඇත.
පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේ ම එම විවාදය ලබාදුන් බව රජය කියයි.
පාර්ලිමේන්තුවේ යොදාගෙන ඇති අනෙක් කටයුතු පසුවට කල් තබා තිබේ.
හදිසි නීති විවාදය සඳහා ද ඉදිරි දිනෙක කාලය වෙන් කිරීමට නියමිත ය.
