ඇමරිකා තානාපතිනිය ජනපති හමු වී සුබ පතයි


 

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද (27) සිදු වූ බව වාර්තා වෙයි.

ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳව ඇමෙරිකා තානාපතිනිය එහි දී රනිල් වික්‍රමසිංහ මහතා වෙත තම රටේ සුභ පැතුම් පළ කර ඇති අතර දෙරට අතර  ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද පැවැත්වුණු බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින සබඳතා ශක්තිමත්ව තවදුරටත් ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ද මෙහිදී මෙහි දී සාකච්ඡා වී ඇත.නව රජයේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහයෝගය ලබාදෙන බව ද ඇමරිකා තානාපතිනිය මෙහිදී සඳහන් කර තිබේ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *