ශ්‍රී ලංකාව ගැන මුල්‍ය අරමුදලේ වාර්තාව ප්‍රසිද්ධ කිරීම ආණ්ඩුවේ විරුද්ධත්වයෙන් නවතී

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය පිලිබඳ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සකස් කළ අධ්‍යයන වාර්තාව ප්‍රසිද්ධ කිරීමට ශ්‍රී ලංකා රජය විරුද්ධත්වය පළ කිරීම නිසා එය ප්‍රසිද්ධ නොකර ඇති බව තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානි වන බැවින් එම වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට ආණ්ඩුව විරුද්ධත්වය ප්‍රකාශ කොට ඇත. සිය සාමාජික රටවල් සමග වාර්ෂිකව සිදුකරන…

මොදී ලංකාවට එයි , සැලසුම් කරන්න බැසිල් ඉන්දීයා යයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදී මහතා මේ මස අග දී ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කොට ඇති අතර ඒ සඳහා අවශ්‍ය පසුබිම සැකසීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ලබන සතියේ ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වෙයි. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාවෙන් ලබා දෙන ආධාර සහ ඉන්දියාව බලාපොරොත්තු වන භූ දේශපාලනික ප්‍රති උපකාර සම්බන්ධයෙන් තීරණ රැසක්…

රුපියල පා කිරීමේ අවසන් තීරණය ඉන්දීය විදේශ ඇමතිගේ – ආචාර්ය හර්ෂ ද සිල්වා

පෙරේදා වනතෙක් රුපියල පා නොකරන බව තරයේ කිව් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රුපියල පා කිරීමට ඊයේ තීරණය කිරීමට හේතුව ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස් ජයසාන්කර මහතා සහ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඩොලර් බිලියනයක ණය ලබා…

අද කොවිඩ් මරණ 11යි ; නව ආසාදිතයින් 632 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත්  කළ නිවේදන මගින් තවත් කොවිඩ් මරණ 11 ක් තහවුරු කොට ඇති අතර අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ලෙස 632 ක් වාර්තා කොට තිබේ. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 16,350 ක් ලෙස සටහන් වී තිබේ. මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව අද දින සටහන්…

රුපියල පා කර නැහැ , නව පාලන මිලටත් ඩොලර් නැහැ

රුපියල පා කර ඇතැයි මහ බැංකුව ප්‍රකාශ කළ ද එවැනි තත්ත්වයක් වෙළෙඳ පොළේ නැති බවත්, මහ බැංකුව නියම කොට ඇති රුපියල් 230 ට අඩුවෙන් ඩොලර් මිල දී ගන්නට ගැනුම් කරුවන් ඉදිරිපත් වුව ද , එම මිලට ඩොලර විකිණීමට සැපයුම් කරුවන් නොසිටි බවත්, වෙළෙඳ පොළ ආරංචි මාර්ග කියයි. වාණිජ බැංකුවල ඩොලර් විකුණුම් මිල රුපියල් 230 ක්…

ඉන්ධනවලට, ගෑස්වලට, බෙහෙත්වලට ගෙවා නැත්තේ මහ බැංකුවේ බිලියන දෙකක් සංචිත තියාගෙන

ආනයනය කළ ඉන්ධන සඳහා සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මුදල් නිකුත් නොකිරීමෙන් රටේ විශාල අර්බුදයක් නිර්මාණය වී තිබුණ ද මහ බැංකුව සතුව නිල සංචිත වශයෙන් ඩොලර් මිලියන 2,310 ක් මුදල් සංචිත තිබිය දී බව මහ බැංකු නිවේදනයකින් හෙළිදරව් වෙයි. මහ බැංකුව නිවේදනය කොට ඇති ආකාරයට මහ බැංකුව සතු නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,310…

ත්‍රස්තවාදය වැළක්වීමේ නව පනත ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කරයි

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සංශෝධනය සඳහා රජය ඉදිරිපත් කොට ඇති නව පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කොට ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. නව පනතේ ඇතැම් වගන්ති සංශෝධනය විය යුතු බවත්, ඇතැම් වගන්ති සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කළ යුතු බවත්, ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කොට…

ආනයනික ගොඩනැගිලි ද්‍රව්‍ය හිගයෙන් රැකියා 50,000 ක් නැතිවෙලා – ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ සංගමය

ආනයනික ගොඩනැගිලි ද්‍රව්‍ය හිගය නිසා ඉදිකිරීම් කර්මාන්තයේ රැකියා 50,000 ක් මේ වනවිට අහිමි වී ඇති බව ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී / ප්‍රධාන ලේකම් විශ්‍රාමික ලුතිනන් ඉංජිනේරු නිස්සංක එන් විජේරත්න මහතා ප්‍රකාශ කළේ ය. ගොඩනැගිලි කර්මාන්ත අංශයේ ඍජු සේවක සංඛ්‍යාව 650,000 ක් බවත් ඔවුන් අතරින් තවත් විශාල පිරිසකගේ රැකියා අවිනිශ්චිතතාවක් පැන නැගී ඇති බවත්…

මහ බැංකුව පසු බැස්සේ කැබිනට් තීන්දු දෙකකින් ?

රුපියලේ අගය පා නොකරන බවට දැඩි මතයක සිටි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවසානයේ ඩොලරය රුපියල් 230 දක්වා පා කිරීමට එකඟ වුයේ මෙරටට මුදල් එවන විදේශ ශ්‍රමිකයින්ට සහ වැඩිපුර ඩොලර් උපයන ව්‍යාපාරිකයින්ට දිරි දීමනා  දීමට ඊයේ කැබිනට මණ්ඩලය යෝජනා දෙකක් සම්මත කර ගැනීමත් සමග බව දේශපාලන නිරීක්ෂකයෝ කියති. විදේශගත ශ්‍රමිකයින් එවන මුදල් සඳහා…

වහා ම ක්‍රියාත්මක වන පරිදි ඩොලරය පා කරයි ; ඩොලරයට රුපියල් 230 ක් වෙයි

වෙළෙඳපොළේ නම්‍යශීලී ලෙස මිල තීරණය වීම සඳහා ඉඩ සලසමින් ඩොලරයේ මිල පාලනය වහා ම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කොට ඇත. ඒ අනුව ඩොලරයක් රුපියල230 කට අඩු අගයක ස්ථාවර වනු ඇතැයි  අපේක්ෂා කරන බව කියන මහ බැංකුව දිගටම තත්ත්වය නිරීක්ෂණය කරමින් අවශ්‍ය පියවර ගන්නා බව ද කියයි. ඩොලරය පා…

උද්ධමනය සියයට 15.2 ට නැගීමෙන් මහ බැංකුව මවිතයට පත්වෙයි !

ශ්‍රී ලංකාවේ උද්ධමනය පසුගිය මාසය වන විට සියයට 15.2 දක්වා ඉහළ ගොස් තිබීම ගැන මහ බැංකු නිලධාරීන් විමතිය ප්‍රකාශ කළ බව වාර්තා වෙයි. මහ බැංකුව ප්‍රකාශ කොට තිබුණේ උද්ධමනය සියයට 6 කට අඩු මට්ටමක තබා ගන්නා බව යි. විශාල වශයෙන් මුදල් මුද්‍රණය කිරීම මගින් උද්ධමනය වැඩි වන බව බොහෝ ආර්ථික විද්‍යාඥයින් ප්‍රකාශ කොට තිබුන ද…

ඖෂධ නිකුත්කිරීමට සලාක ක්‍රමයක් !

විදේශ විනිමය හිගයත්  සමග රටේ ඇති වී තිබෙන ඖෂධ හිගය හේතුවෙන් ෆාමසි වලින් ඖෂධ නිකුත් කිරීමේ සලාක ක්‍රමයක් ක්‍රියාත්මක කොට ඇති බව වාර්තා වෙයි. ඇතැම් ෆාමසි වල අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග පවා නොමැති අතර එම ඖෂධ තිබෙන ෆාමසි මගින් ඖෂධ ලබාදීම සඳහා සලාක ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් එක අයෙකුට නිකුත් කරන ඖෂධ ප්‍රමාණය සීමා කොට ඇත. ඒ…