ත්‍රස්තවාදය වැළක්වීමේ නව පනත ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කරයි

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සංශෝධනය සඳහා රජය ඉදිරිපත් කොට ඇති නව පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කොට ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

නව පනතේ ඇතැම් වගන්ති සංශෝධනය විය යුතු බවත්, ඇතැම් වගන්ති සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කළ යුතු බවත්, ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කොට තිබේ.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ මානව හිමිකම් සීමා කරන ප්‍රතිපාදන ඉවත් කිරීමට බව කියමින් ආණ්ඩුව මෙම නව පනත ඉදිරිපත් කළ ද මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දුන්නේ නව පනත වඩා බරපතල ප්‍රශ්න ඇතිකරන බව යි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෙන් ම සිවිල් සමාජ ක්‍රියාකාරීන් ද කියන්නේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සංශෝධනය නොව අහෝසි කිරීම අවශ්‍ය බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *