ඉන්දන ප්‍රශ්නයක් නිසා විමල් , උදය පාර්ලිමේන්තු නොඑයි !

කැබිනට ඇමති ධුර වලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ , උදය ගම්මන්පිල මහත්වරුන්ට මතු වූ ඉන්දන ප්‍රශ්නයක් නිසා ඔවුන් දෙදෙනා අද පාර්ලිමේන්තු සභා රැස්වීමට සහභාගී වී නොසිටි බව වාර්තා වෙයි.

ඇමති ධුර අනුව පාර්ලිමේන්තුවේ මුල් පෙලේ ආසනවල ඉඳ සිටි මෙම දෙදෙනා පසුපෙළ ආසනවල ඉන්දන්නට සැලසුම් කොට තිබීම මෙයට හේතු වූ බව කියති.

විමල් වීරවංශ මහතා තෙවැනි පෙලේ 73 වැනි අසුනෙත් උදය ගම්මන්පිල මහතා සිව් වනපෙලේ 78 වැනි අසුනෙත් ඉන්දන්නට පාර්ලිමේන්තු නිලධාරීන් සැලසුම් කොට තිබුනේ ආණ්ඩු පක්ෂයේ සංවිධායකයින්ගේ උපදෙස් මත බව කියති.

කෙසේ වෙතත් විමල්, උදය දෙදෙනා ම පක්ෂ නායකයින් නිසා පක්ෂ නායකයින්ට හිමි ඉදිරිපෙළේ අසුන් ඔවුන්ට හිමි බව ඔවුහු කියති.

පක්ෂ නායකයින් බව නොසලකා තමන්ට අවමන් කිරීමට තමන් පසු පෙලේ ඉන්දන්නට ආණ්ඩුවේ ඇතැමුන් උත්සහ දරන බව එම දෙදෙනාගේ අදහස වී ඇත.

මෙම ඉන්දන ප්‍රශ්නය පිළිබඳව පාර්ලිමේන්තු නිලධාරීන්ට දැනුම් දී ඇති එම දෙදෙනා එම ප්‍රශ්නය විසඳෙන තෙක් අද පාර්ලිමේන්තුවට සහභාගී වී සිටියේ නැත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *