ආනයනික ගොඩනැගිලි ද්‍රව්‍ය හිගයෙන් රැකියා 50,000 ක් නැතිවෙලා – ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ සංගමය

ආනයනික ගොඩනැගිලි ද්‍රව්‍ය හිගය නිසා ඉදිකිරීම් කර්මාන්තයේ රැකියා 50,000 ක් මේ වනවිට අහිමි වී ඇති බව ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී / ප්‍රධාන ලේකම් විශ්‍රාමික ලුතිනන් ඉංජිනේරු නිස්සංක එන් විජේරත්න මහතා ප්‍රකාශ කළේ ය. ගොඩනැගිලි කර්මාන්ත අංශයේ ඍජු සේවක සංඛ්‍යාව 650,000 ක් බවත් ඔවුන් අතරින් තවත් විශාල පිරිසකගේ රැකියා අවිනිශ්චිතතාවක් පැන නැගී ඇති බවත් විජේරත්න මහතා කියයි.

විශේෂයෙන් ම ඩොලර් අර්බුදය විසදුවේ නැතිනම් තවත් රැකියා අහිමිවීම වැළක්විය නොහැකි වන බව ඒ මහතා පවසයි.

ආනයනික ගොඩනැගිලි ද්‍රව්‍ය සීමා කිරීම නිසා වියදම සියයට 30 ත් 50 ත් අතර ප්‍රමාණයකින් වැඩි වී තිබේ

මෙරට ව්‍යාපාරික සංගම් විසින් ඊයේ කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක වෙමින් ගොඩනැගිලි ඉදිකිරීම් සංගමයේ ප්‍රධාන ලේකම්වරයා මෙම අදහස් ප්‍රකාශ කලේ ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *