මහ බැංකුව පසු බැස්සේ කැබිනට් තීන්දු දෙකකින් ?

රුපියලේ අගය පා නොකරන බවට දැඩි මතයක සිටි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවසානයේ ඩොලරය රුපියල් 230 දක්වා පා කිරීමට එකඟ වුයේ මෙරටට මුදල් එවන විදේශ ශ්‍රමිකයින්ට සහ වැඩිපුර ඩොලර් උපයන ව්‍යාපාරිකයින්ට දිරි දීමනා දීමට ඊයේ කැබිනට මණ්ඩලය යෝජනා දෙකක් සම්මත කර ගැනීමත් සමග බව දේශපාලන නිරීක්ෂකයෝ කියති.
විදේශගත ශ්‍රමිකයින් එවන මුදල් සඳහා ඩොලරයකට රුපියල් 38ක් අමතරව ගෙවීමට කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කොට තිබු කැබිනට් පත්‍රිකාවට සහ වැඩිපුර මුදල් උපයා ඇති අපනයනකරුවන්ට ඩොලරයකට රුපියල් 30 ක් අමතරව ගෙවීමට වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කොට තිබු කැබිනට් පත්‍රිකාවටත් ඊයේ කැබිනට් මණ්ඩලයේ දී අනුමතිය ලැබී තිබේ.
ඒ අනුව එකී කණ්ඩායම් සඳහා කැබිනට් මණ්ඩලය අනුමත කළ ගෙවීම ඩොලරයකට රුපියල් 240 ක් සහ රුපියල් 232 ක් වෙයි.
එලෙස කැබිනට මණ්ඩලය තීරණය කරද්දී මහ බැංකුව ඊයේ තීරණය කළේ ඩොලරයක අගය රුපියල් 230 ක් දක්වා වැඩි කිරීමට ය.
මෙය ඩොලරයේ අගය පා කිරීමක් බව මහ බැංකුව කීව ද එය තවමත් පැහැදිලි නැත.
