වහා ම ක්‍රියාත්මක වන පරිදි ඩොලරය පා කරයි ; ඩොලරයට රුපියල් 230 ක් වෙයි

වෙළෙඳපොළේ නම්‍යශීලී ලෙස මිල තීරණය වීම සඳහා ඉඩ සලසමින් ඩොලරයේ මිල පාලනය වහා ම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කොට ඇත.

ඒ අනුව ඩොලරයක් රුපියල230 කට අඩු අගයක ස්ථාවර වනු ඇතැයි  අපේක්ෂා කරන බව කියන මහ බැංකුව දිගටම තත්ත්වය නිරීක්ෂණය කරමින් අවශ්‍ය පියවර ගන්නා බව ද කියයි.

ඩොලරය පා කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල උපදෙස් දී තිබු අතර දේශීය ආර්ථික විද්‍යාඥයන් බහුතරයකගේ ද මතය එය වී තිබිණී.

මහා බැංකුව කෘතීම ලෙස ඩොලරයේ මිල පාලනය කිරීමට උත්සහ දැරීමෙන් ඩොලර් හිගයක් ඇති වී භාණ්ඩ හිග වීමෙන් පොලින් ක්‍රමයක් ද නිර්මාණය වී ය.

විශාල ආර්ථික අර්බුදයක් ඇති වීමෙන් පසුව මහ බැංකුව ඩොලරය නිදහස් කරන්නට තීරණය ගෙන තිබේ.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *